ලොක්ඩවුන් වෙනුවට මාස්ක් දැම්මොත් අමෙරිකාවේ ආර්ථිකයට ට්‍රිලියනයක් ලාබයි

Picture of අසංක

අසංක

දැඩි සංචරණ සීමා හා “ලොක් ඩවුන් ” ක්‍රියාමාර්ගය වෙනුවට, මුඛාවරණ පැළඳීම අනිවාර්ය කිරීමේ අණපනත් ගෙන ඒම හරහා ඇමෙරිකාවේ , එරට දැකල දේශීය නිෂ්පාදනයට සිදුවන හානිය ඩොලර් ට්‍රිලියනයකින් පමණ අඩු කර ගත හැකි බව ඇමෙරිකාවේ ප්‍රධානතම බැංකු කළමනාකරණ ආයතනයක් වන ගොල්ඩ්මන් සැක්ස් ආයතනය අවධාරණය කර සිටී .

ඒ අනුව මුඛවරණ පැළඳීම සම්භන්ධව ජාතික වශයෙන් නියෝගයක් නිකුත් කිරීමට ඇමෙරිකානු රජය පියවර ගත යුතුව ඇති බවද එම ආයතනය සිදුකල විශේෂ පර්යේෂණයකින් අනතුරුව නිවේදනය කර ඇත.

මෙසේ මුඛාවරණ පැළඳීම පිලිබඳ නීති රීති හඳුන්වාදීම සමග ඇමෙරිකානු වැසියන්ගේ මුක්හාවරණ භාවිතය සියයට 15කින් පමණ ඉහල යනු ඇති බවත් ඒ හරහා , කොරෝනා වෛරසය ව්‍යාප්තිය සියයට එකින් පමණ පහල වැටෙනු ඇති බව ගොල්ඩ්මන් ආයතන මෙහිදී සඳහා කර ඇත.