නවතම පුවත්

ලොක් ඩවුන් වීම සටනට ලැ‍‍බෙන කාලයක් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අද්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අදානොම් ග්‍රෙබියේසස් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී කී ප්‍රධන කාරණා කිහිපයක් තිබේ.


• කොවිඩ් 19 වෛරසය මේ වනවිට ජීවිත 16,000කට වඩා බිලිගෙන ඇත. තවදුරටත් මෙම ජීවිත අහිමි වන ජීවිත ගණන කීයද යන්න තිරණය වන්නේ අප සැම දෙනා මෙය පරාජය කිරීමට ගන්නා පියවර මතය.


• අප බොහෝ වසංගත අභියෝග ජය ගෙන ඇත. ‍මෙම බරපල වසංගතයේදීත් අපට වගකීමෙන් යුතුව ක්‍රියා කළහොත් මෙම වසංගතය පරාජයකළ හැකිය .


• මේ වනවිට ලෝකයේ කෝටි සියයකට අධික ජනගහණයක් තම තමන්ගේ නිවාස හෝ ස්ටින ස්ථානවල අගුළු දමා ඇති (Lock Down) තත්ත්වයක ඇත.

එයින් පමණක් වසංගතය හෝ වෛරසය පරාජය වන්නේ නැත. එහෙත් ලෝකයම අගුළු දැමීම මෙම වසංගතය පරාජය කිරීමට අපට ලැබුණු හොඳ අවස්ථාවකි.එය සෞඛ්‍ය අංශවලට අදාළ පියවර ගැනීමට ලද කාලයකි. ඒ කාලය තුළ අප උපරිම කැපවීමකින් යුතුව එය පරාජය කළ යුතුය.

 
• මෙම අභියෝගය ජය ගැනීම සඳහා සෑම රටකම දේශපාලන නායකත්වයේ කැපවීම තීරණාත්මකය. එසේම මෙම ක්‍රියාවලිය සඳහා සෑම පාරර්ශ්වයකගේම සේම සෑම පුද්ගලයකටම වගකීමක් ඇත.

 
ලෝක සෞඛ්‍ය සංවිධානය ලෙස අප මෙම මොහොත් කොරෝනා වසංගතය පරාජය කිරීම සඳහා මූලික පියවර 6ක් යෝජනා කරන්නේමු. මේ එම පියර හයයි.


1. මහජන සෞඛ්‍යය වෙනුවෙන් සිටින ශ්‍රම බලකාය අවශ්‍යතාවලට අනුව වැඩි කිරීම, පුහුණු කිරීම සහ ඔවුන් මනාව මෙම සටනට යෙදවීම


2. රෝගය පිළිබඳව සැක සහිත සෑම පුද්ගලයකු සම්බන්ධයෙකන්ම සෙවීම සඳහා ශක්තිමත් ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම.


3. ආසාදිත බවට සැක කරන පුද්ගලයන් තුළ රෝගය පවතින්නේද යන්න පරීක්ෂා කිරීමේ පරීක්ෂණ පහසුකම් වැඩි කිරීම
4. රෝගීන් ට ප්‍රතිකාර කිරීමේ සහ ඔවුන් සෙසු රෝගගීන්ගෙන් වෙන කර තැබීමෙ පහසුකම් හැකිතාක් පුළුල් කිරීම


5. රෝගයට නිරාවරණය වූ පුද්ගලයන් නිරෝධායනය කිරීමේ වැඩ පිලිවෙළ තවදුරටත් ශක්තිමකත් කිරීම


6. සෑම රජයයක්ම කොවිඩ් 19 වෛරසය දුරළීමට අවැසි වැඩ පිළිවෙළ පිළිබඳව යළි යළිත් විමසා එය නිසි ලෙස ඉලක්ක ගත කිරීම
මේ වනවිටත් අපේ සෞඛ්‍ය අංශ තමන්ට හැකි උපරිමයෙන් මේ සම්බන්ධයෙන් කක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ උදෙම් අනුව කටයුතු කිරීම රටේ පාලකයන් ඇතුළු සෑම තරාතිරමකම පුද්ගලයන්ගේ වගකීම විය යුතුය.

සටහන ජේෂ්ඨ මාධ්‍යවේදී චමින්ද වාරියගොඩ
සටහන ජේෂ්ඨ මාධ්‍යවේදී චමින්ද වාරියගොඩ
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්