ලොකුම සතුරා ඇමෙරිකාවයි – කිම් ජොන් උන්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරියටත් තම රටේ ලොකුම සතුරා  අමෙරිකා එක්සත් ජනපදය බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අවධාරණය කර සිටී .

අමෙරිකාවේ ජනාධිපතිවරයා කවුරුන් වුවත් සිය රට සම්බන්ධයෙන් වන එරට ප්‍රතිපත්තීන්හි වෙනසක් සිදු වනු ඇතැයි, අපේක්ෂා නොකරන බව උතුරු කොරියානු නායකයා සිය පක්ෂයේ සම්මේලනය අමතමින් පවසා ඇත

සිය පාලක කම්කරු පක්ෂයේ කලාතුරකින් පැවැත්වෙන සම්මේලනයක් අමතමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව සහ යුදමය හැකියාව තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.

න්‍යෂ්ටික සබ්මැරීනය සඳහා වන සැලසුම සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව ද ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.