නවතම පුවත්

ලොව ඉහළම විද්‍යාඥයින් අතර, 35දෙනෙකුම ශ්‍රී ලාංකිකයින්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම  වසරේ (2023) ලොව ඉහළම විද්‍යාඥ ලයිස්තුවට( සියයට 2 අතරට)  ශ්‍රී ලාංකික  විද්‍යාඥයෝ 35 දෙනෙක්ද  ඇතුළත්ව සිටිති.

මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ස්ටැන්ෆඩර් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් විසිනි.

එම ශ්‍රේණිගත කිරීම් පසුගිය සතියේදී එළි දක්වනු ලැබීය.

මෙම නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලොව ඉහළම විද්‍යාඥයන් අතරට  තේරී සිටින්නේ  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රනිල් ජයවර්ධන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාලයේ ජනක ඒකනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  අනුෂ්කා උපමාලි රාජපක්ෂ, වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පී රණසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවන්ති දේෂානී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමත් ධර්මරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාග්‍යා නතාලි සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සමන් සේනවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනානායක ඒ.එම් කුලරත්න, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එම්.ඒ.කේ.එල් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසංක සංජීව, රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය  චන්න ජයසුමන, යාපනය විශ්වවිද්‍යාලයේ නවරත්නරාජා සතිපරන්, මුණසිංහ සංවර්ධන ආයතනයේ මොහාන් මුණසිංහ,  කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක ඩී සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න,කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සරෝජ් ජයසිංහ, යාපනය විශ්ව විද්‍යාලයේ රාජන්  රාමසාමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ,කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  මෙරාන්  කේෂව එදිරිවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  කමනි මෙන්ඩිස් , කොළඹ විශ්වවිද්‍යාලයේ දිනේෂ්  දර්ශක ජයසේන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේෂා මෙන්ඩිස්, ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයෙහි ධනුෂ්ක උදයංග, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිමාල් සුරවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීරා කරුණාවීර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  කසුන් තාඹුගල, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එච්.ආර් ඩබ්ලිව්  ධර්මරත්න, රජරට ,  විශ්වවිද්‍යාලයේ නුවන් දර්ශන වික්‍රමසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ අසිත ද සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ  සුරේෂ් බෙන්ජමින් සහ  කැලණිය විශ්වවිද්‍යාලයේ  සචිත්  මෙත්තානන්ද  යන විද්‍යාඥයෝ 35  දෙනා වෙති.

මෙම ලැයිස්තුවට ඇතුළත් ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගෙන් බහුතරය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ අය වෙති. රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මෙම ලැයිස්තුවට අඛණ්ඩව ඇතුළත් වන්නේ තුන්වැනි වතාවටය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්