ලොව විශාලතම බහාලුම් නෞකාව වන EverAce අද උදෑසන කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයට පැමිණ තිබේ.
මෙම පර්යන්තය මෙහෙයවනු ලබන්නේ ප්‍රමුඛ පෙළේ වරාය මෙහෙයුම්කරුවෙකු වන චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම විසිනි.
කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය යනු දකුණු ආසියාවේ ඇති එකම ගැඹුරු ජල පර්යන්තය යි.
මෙම නෞකාවේ දිග මීටර් 400 ක් පමණ වන අතර පළල මීටර් 61.5 ක් වේ. එහි ධාරිතාව TEU 23,992 කි.