කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් , ලොව දීර්ඝතම කාටූන් ටෙලි කථා මාලාවේ නිෂ්පාදන කටයුතු ප්‍රථම වරට අත්හිටුවීමට සිදුව ඇත
සසෙයි සාන් (“Sazae-san”, ) නම් වන මෙම කාටූන් කථා මාලාව ජපානයේ නිෂ්පාදනයක් වන අතර
එය මුල්වරට විකාශය වූයේ 1969 වසරේදීය .
ජපානයේ ෆුජි ටීවී නාලිකාවේ විකාශය වෙමින් පැවති මෙය ලොව දීර්ඝතම කාටූන් ටෙලි කතා මාලාව ලෙස ගිනස් වාර්තා පොතට එක්වී ඇත
කෙසේ වෙතත් මේ වනවිට කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම කාටූන් කතා මාලාවේ නව නිෂ්පාදනයන් සිදුකිරීමට නොහැකි තත්වයක් මතුව ඇති අතර ඒ අනුව එම කතා මාලාවේ පැරණි කොටස් යලි විකාශය කිරීමට ෆූජි ටීවී ආයතනයට සිදුව ඇත.
” රටේ පවතින හදිසි නීති තත්වය හා සංචරණ සීමා නිසා අපට මෙම කාටූනයේ දෙබස් කැවීම් කටයුතු කිරීමට නොහැකි තත්වයක් මතුවෙලා , ඒ අනුව තාවකාලිකව නිෂ්පාදන කටයුතු නවතා තිබෙනවා . මෙලෙස මෙහි නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර වූයේ දශක පනහකට පමණ පසුව “යැයි ෆූජි ටීවී ආයතනේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත .