නවතම පුවත්

කොරෝනාවට එරෙහිව ප්‍රතිවෛරස සංයෝග කළ නව ඖෂධයක්

අසංක

අසංක

කොරෝනා රෝගීන් සුව කිරීම සඳහා ප්‍රතිවෛරස තුනක් සංයෝග කල නවතම ඖෂධයක් හොංකොං හි වෛද්‍ය කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර ඇත.

මෙම ඖෂධය හරහා කොරෝනා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වැදිවන බවත් ඒ අනුව එම රෝගින්ට ඉක්මන් සුවය ලබා ගත හැකි බවත් මෙම වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී හොංකොං සරසවියේ වෛද්‍ය Kwok-Yung Yuen සඳහන් කර ඇත

HIV ආසාධනය වූ රෝගීන් සඳහා ලබා දෙන ritonavir සමග lopinavir සහ සාමාන්‍ය ප්‍රතිවෛරස් ඖෂධයක් වන ribavirin , බහු ස්ක්ලේරෝසිස් ඖෂධයක් වන beta interferon යන ඖෂධ එක්ව සංයෝග කරමින් මෙම ඖෂධය නිපදවා ඇත.

අනෙක් රෝගින්ටද අහඹු ලෙස ritonavir සහ lopinavir යන ප්‍රතිවෛරස් ඖෂධ සහ ribavirin සහ beta interferon යන ඖෂධයන් සංයෝගයෙන් සෑදු ඖෂධය ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම ප්‍රතිවෛරස් ඖෂධ සංයෝගයක් ලබාදුන් රෝගීන්ගේ සිරුරේ වෛරසය පැවති කාල සීමාව සාමාන්‍යයෙන් දින 07ක් බවට මෙහිදී පර්යේෂණ කණ්ඩායම නිරික්ෂණය කර ඇත.

මෙම ඖෂධ සංයෝගය මගින් කොරෝනා වෛරසය පාලනය කිරිමට හැකිද යන්න තවදුරටත් පර්යේෂණ සිදුකිරිමට කටයුතු කරන බවද හොංකොං සරසවියේ වෛද්‍ය Kwok-Yung Yuen විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්