නවතම පුවත්

ලොව දෙවැනි වතාවට HIV ජයගත් අයෙක් බ්‍රිතාන්‍යයෙන්

අසංක

අසංක

ලොව දෙවැනි වතාවට එච්අයිවී ආසාධිත රෝගියකු මුළුමනින්ම ඉන් මිදීමේ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.

අතිසාර්ථක ලෙස ඇට මිදුලු බද්ධ කිරීමේ ප්‍රතිකාරයකින් පසුව ඔහු එච්අයිවී රෝගයෙන් මුළුමනින්ම නිදහස් වූ බව විදෙස් වාර්තා සදහන් කරයි.

එච්අයිවී වෛරසයට විරුද්ධව සටන් කරන දුර්ලභ ජානමය වෙනස්කම් ඇති දායකයකුගෙන් ඇට මිදුලු ලබාගෙන මොහුට බද්ධ කිරීමේ සැත්කම සිදුකර ඇත්තේ වසර 3කට පෙරයි.

ඉන්පසුව මාස 18ක කාලයක් ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගෙන ඇති අතර අතිශය සියුම් පරීක්ෂණ ගණනාවකට මොහු භාජනය කිරීමෙන් පසුව වෛද්‍යවරුන්ට එච්අයිවී පිළිබද කිසිදු සාක්ෂියක් සොයාගැනීමට නොහැකි වූ බව එම වාර්තා පෙන්වා දෙයි.

‘අපිට ඔහු තුළ වෛරසයේ අංශු මාත්‍රයක් හෝ සොයාගැනීමට නැහැ.’ යැයි එච්අයිවී ජෛව විද්‍යාඥ, මහාචාර්ය රවින්ද්‍ර ගුප්තා පවසයි.

මෙම තත්වය නිසා දිනෙක ඒඩ්ස් රෝගය තුරන් කිරීමට හැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

නමුත් මෙමගින් එච්අයිවී වෛරසයට ප්‍රතිකාර ලද බවට කිව නොහැකි බව ද ඔවුහු අවධාරණය කර සිටිති.

මෙය දැනට එච්අයිවී වෛරසය තවදුරටත් බලනොපැවැත්වීමට සාධකයක් ලෙස පමණක් සළකා බැලෙන බව ද ඔවුහු සදහන් කර සිටිති.

ලොව පුරා සිටින එච්අයිවී ආසාධිත ගණන මිලියන 36.7කි.

අප්‍රිකාව25.6 මිලියන
අමෙරිකාව3.3 මිලියන
ගිනිකොණදිග ආසියාව3.5 මිලියන
යුරෝපය2.4 මිලියන
බටහිර පැසිෆික්1.5 මිලියන
නැගෙනහිර මධ්‍යධරණී 0.36 මිලියන 

1980 සිට අද වනතෙක්සංඛ්‍යාව (සියලුම)ළමුන් 
එච්අයිවී රෝගීන්මිලියන 37මිලියන 1.8
එච්මිඅයිවී හේතුවෙන් මියගිය සංඛ්‍යාව  මිලියන 35

මූලාශ්‍ර – ලෝක සෞඛ්‍ය සංවිධානය

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා