ලොව පළමු කටු රහිතව විදින DNA එන්නත ඉන්දියාවේ භාවිතයට

Picture of අසංක

අසංක

කොරෝනා වසංගතය මැඩලීමට එරෙහි ලොව ප්‍රථම ඩීඑන්ඒ එන්නත වන සයිඩස් කැඩිලා කොවිඩ් -19 එන්නත සඳහා ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරියේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී ඇත.

ZyCoV-D මෙය කොවිඩ් සඳහා අනුමත වූ පළමු ඉඳිකටුවක් භාවිත කිරීමකින් තොරව ලබාදෙන් එන්නත ද වේ. මාත්‍රා 3ක් පූර්ණ එන්නත්කරණයට අවශ්‍ය බව පැවසේ.

වයස අවුරුදු 12-18 අතර වයස් කාණ්ඩයේ නව යොවුන් දරුවන් සඳහා පළමු එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි එරට වාර්තා පවසයි.

දෙසැම්බර් මාසය වන විට සුදුසුකම් ලත් සියලුම වැඩිහිටියන්ට එන්නත් කිරීමේ අරමුණින් ඉන්දියාවේ එන්නත් ලබා දීමේ වැඩසටහනට මෙම අනුමැතිය ලබා දේ.

ප්‍රතිශක්ති පද්ධතිය හඳුනාගෙන ප්‍රතිචාර දක්වන නිශ්චිත ප්‍රෝටීන් සෑදීම සඳහා ඩීඑන්ඒ හෝ ආර්එන්ඒ ලෙස උපදෙස් ලබා දෙන වෛරසයෙන් ලබාගත් ජානමය ද්‍රව්‍යමය කොටසක් ZyCoV-D එන්නතට භාවිතා කරන බව පැවසේ.

කැඩිලා හෙල්ත්කෙයා සමාගම එන්නත් මිලියන 100-120ක් වහා නිපදවීමට කටයුතු කර ඇත.

සමහර ප්‍රාන්තවල වෛරසය පැතිරීම පාලනය කිරීමට තවමත් අරගල කරන බැවින් 18 ට අඩු අයට මෙමගින් පළමු එන්නත ලබා දෙනු ඇත.