නවතම පුවත්

ලොව පළමු “කෘතීම හදවත” යුරෝපා වෙළඳපොළට නිකුත් කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රංශයේ කාර්මට් (CARMAT ) සමාගම විසින් නිපදවා ඇති ලොව පළමු “කෘතීම හදවත” වෙළඳපලට නිකුත් කිරීම සඳහා යුරෝපා සංගම් නියාමන අධිකාරිය අවසර ලබාදී ඇත .

ඒ අනුව ඉදිරි මාස කිහිපය ඇතුලත මෙම සුවිශේෂී නිර්මාණය , අලෙවිය සඳහා යුරෝපීය වෙළඳ පලට ඉදිරිපත්කරන බව කාර්මට් සමාගමේ ප්‍රධාන විධායක ස්ටෙෆාන් පියට් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

තම සමාගම නිපදවා ඇති මෙම කෘතීම හදවත නවීන විද්‍යාවේ සුවිශේෂී ජයග්‍රහණයක් වන බවත් මේ හරහා ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත හදවත් රෝගීන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස්කෙරෙනු ඇති බවත් පියට් මහතා මෙහිදී සඳහන් කර ඇත .

සම්පූර්ණයෙන්ම කෘතීමව නිපදවූ ප්‍රථම හදවත වන මෙය , පසුගිය මැයි මාසයේදී , එහි සාර්ථකත්වය ලොවටම විදහා දැක්වූ අතර ඒ අනුව පසුගිය මැයි 27 දින ඩෙන්මාර්කයේදී මුල්ම වරට මෙම කෘතීම හදවත යොදාගනිමින් පූර්ණ හදවත් බද්ධයක් සිදුකරන ලදී .

එම හදවත්  බද්ධය  ඉතා සාර්ථක ප්‍රතිඵල ගෙනදුන් අතර ඒ හේතුවෙන් මේ වනවිටත් මෙම කෘතීම හදවත  සඳහා  ලොව පුරා විවිධ රටවල් වලින් ඇනවුම් රාශියක් ලැබී ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම කෘතීම හදවත් බද්ධය ලොවට හඳුන්වාදීම විධිමත්ව සිදුකලයුතුව ඇති බවත්,  ඒ සඳහා ලොව පුරා වෛද්‍ය විශේෂඥයින් සමග එක්ව කටයුතු කිරීමට තම සමාගම සූදානම් බවත් ස්ටෙෆාන් පියට් මහතා සඳහන් කර ඇත .

යුරෝපානු නියාමන බලධාරීන්ගෙන් ලැබුණු අවසරයත් සමග කමාට් සමාගමේ කොටස් මිල ඉතා වේගයෙන් ඉහල යමින් ඇති බවද වාර්තාවේ .

සම්පූර්ණ කෘතීම හදවතක් නිෂ්පාදනය කිරීමේ මෙම ක්‍රියාවලිය වෛද්‍ය විශේෂඥයකු වන අලෙයින් කාපෙන්ටියර් ගේ මූලිකත්වයෙන් මීට වසර 27 කට පෙර , එනම් 1993 දී ආරම්භ කෙරිණ . මුලින්ම මෙහි පර්යේෂණ හා නිෂ්පාදන කටයුතු ජීන් ලාගර්ඩියර් ගේ matra සමාගම විසින් ක්‍රියාත්මක කෙරුණු අතර පසුව එම සමාගම කාර්මට් සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරු බවට පත්විය . කාර්මට් සමාගමේ කොට්කොටස්වලින් 13% ක පමණ අයිතිය මේ වනවිට matra සමාගම සතුව ඇත .මේ අතර කාර්මට් සමාගමේ කොටස් වලින් සියයට 6කට ආසන්න ප්‍රමාණයක අයිතියක් අලෙයින් කාපෙන්ටියර් සතුව පැවතීමද විශේෂත්වයකි , ඉදිරි වසර කිහිපය තුල මෙම කෘතීම හදවත් නිෂ්පාදනය හරහා මෙම කාර්මට් සමාගම , ලොව ධනවත්ම සමාගමක් ලෙස ඉදිරියට පැමිණෙනු ඇති බව ආර්ථික විශේෂඥයින් අනුමාන කර ඇත .

 

Bloomberg වෙබ් අඩෙවිය ඇසුරෙන් .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්