නවතම පුවත්

ලොව ප්‍රථම හදවත් දන් සැල !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිවන් දකින්නට පාරමි පුරන අපේ කාලයේ ඉමදුවේ පොඩි සාදුගේ අම්මා බේරා ගත් අපේ කාලයේ කුඩා සාමණේරයන් වහන්සේගේ සත්‍ය කතාව මෙන්න!

පුංචි  පුතා ඉපදුන දවසේම තාත්තා අම්මට කීවේ මේකා මාතර නිල්වලා ගංගාවට විසි කරපිය කියලා. තෝත් ගගට පැනලා මැරියන් කියලා.

පුතාගේ තාත්තා මව හැර දා කොළඹ යයි!තාත්තා කිසිදු දිනක අම්මා සොයා ආවේ නැත.

පොඩි සාදුගේ අම්මාගේ හදවත් සැත්කමට රුපියල් ලක්ෂ 25 යි.

හදවතේ පියා නම් වු ලංකාවේ හදවත් සැත්කම් සිදුකරන නාමල් ගමගේ වෛද්‍ය තුමා කියන අමුතු කතාන්දරය.

පොඩි සාදුගේ අම්මා ජීවත් වේද අනේ බුදු හිමියනේ මට කියන්න අපේ කාලයේ බුද්ධ පුතෙුක් බුදු හිමියනගෙන් ඇසු සත්‍ය කතාන්දරය මෙන්න!

(සත්‍ය කතාන්දරයක් ඇසුරෙනි!)

සටහන ඡායාරූප නිමල් අල්ගෙවත්ත 2023.05.09 ඉරිදා පත්තරයට…0772503491  

සුනෙත් ගාල්ලගේ හා සමන්මලි කාංචනා මාතර,දෑරංගල සුන්දර ගම ජීවත් වූහ.දෙදෙනා නව යොවුන් වියට පා තැබීය.ගමේ පාසලෙන් අධ්‍යාපනය ලබන,සමයේ පටන් මොවුන් පාසල් පෙම්වතුන් වුහ.මේ පාසල් ආදර අන්දරයේ  කතාන්දරයේ අවසන දෙදෙනා දෙමාපියනගේ ද කැමැත්ත මත තුරුණ වියේ දීම විවාහ වුහ.ගත වුයේ වසරකි. මේ කැදැල්ලට පුංචි පුතෙක් එක් විය.සඳුනි දැන් සය මස් ගැබිණියකි.

ඉතිං,සත්තකින්ම සුනෙත් වෙනදාටත් වඩා සඳුනිට ආදරය කළේය.අපි යමු මාතර රෝහලට අපේ පැටියා පිළිබඳව වෛද්‍ය පරික්ෂණයකට  සුනෙත් කී කතාව සඳුනි අනුමත කලාය.මාතර රෝහලේ දී සිදු කළ වෛද්‍ය පරික්ෂයෙන් තහවුරු වුයේ ඉපදෙන්නට සිටින පුංචි පුතාගේ හදවතේ පෙන හැල්ලේ කුඩා සිදුරක් තිබෙන බවටය.

මොකා..මොනවද මේ.සුනෙත් කල බල විය.සමන්මලීට ඇනුම් පද කියමින් ගෙදර ආ විගස සුනෙත් සමන්මලීට පහර දෙමින් සුනෙත් නරුමයෙක් සේ හැසිරෙන්නට විය.

තොගේ කාලකණ්නීකමට තමයි ඉපදෙන්නට සිටින දරුවට මේවගේ අසනීපයක් තියෙන්නේ කියමින් දෙස් දෙවොල් කියමින් සමන්මලීට සුනෙත් බැන වදිනට විය.පහර දෙන්නට විය. සුනෙත්ගේ හා සමන්මලීගෙ ආදර කැදැල්ල මහා ගිනි ගොඩක් බවට පත්වන්නට ගත වුයේ නිමේෂයකි.ඒ මෙලොවට එන්නට තතතන පුංචි පුතා  නිසා ද? එය එසේ වුයේ ඇයි ද උත්තරයක් නොමැති උත්තරයකි.

කරදර කම්කටොළු මැද,නව මාසයක් ගෙවිණි.යළිත් මාතර රෝහලට ඇතුලත් වු සමන්මලීට පිංවත් වු ලස්සන,පියකරු පුංචි පුතෙක් බිහි කලාය. පුදුමයකි.සුනෙත් පියා ඒ පුතා දෙස එක් වරක් හෝ බැලුවේ නැත.මේකා මාතර ගඟට දාපිය. විසි කරපිය.( මාතර නිල් වලා ගංගාව) තොගේ මගේ පවුල් කෑම අදින්  ඉවරයි කියා මාතර රෝහලෙන් නික්ම ගිය සුනෙත් කිසිදු දිනක සමන්මලී සොයා ගමට ආවේ නැත.හතෙම කොළඹ ගිය බවත් සිටන තැනක් සොය ගත හොහැකි විය.මේ බැව් සමන්මලී  තම දෙමාපියන්ට ද කීවාය.

සමන්මලී පුංචි පුතා හදා වඩා ගත්තේ තම දෙමාපියන්ගේ ද රැකවරණය ඇතිවයි.සහාය උපකාර ඇතිවයි.කාලය ගෙවිනි.සමන් මලී තම පුතාට නම තැබුවේ භාග්‍ය ශ්‍රී විමුක්ති කියා ය.භාග්‍ය ශ්‍රී විමුක්ති පුංචි පුතා සුපහන්සේ මෝරන සඳමෙන් හැදි වැඩි පෙර පාසල් වියෙන් පසුව පාසල් වියටද පත් වුයේ ය.පුංචි පුතා සමන්මලීගේ ලෝකයේ රජුය.තාත්තා නැති පුතා සුපසන් වු භාග්‍ය ශ්‍රී විමුක්ති පුතාට කළ හැකි සියලුම යුතුකම් මතු බුදුවන අම්මලාගේ පරපුරට නෑකම් කියනා සමන් මලී අම්මා මලක් මෙන් තම පුතුරැක ගනිමින් සිය යුතුනම ඉටු කළාය.

නිවනට යන ගමනට කුඩා කළ සිටිම සංසාර පුරුද්දකට මෙන් කුඩාකල සිටම බුදු පිළිමවලට ආසා කළ  භාග්‍ය ශ්‍රී විමුක්ති  පන්සලක් දකින විට හාමුදුරු නමක් දකින විට මහත් ආසාවෙන් දුවගොස් වදින්නට තරම් සංසාර පුරුද්දකට දෝ දැකිය හැකි විය.

කල්ගත විණි.පුතා මහන කරවන්නට තරම් වාසනාව තියනවා කියා භාග්‍ය ශ්‍රී විමුක්ති  ජන්ම පත්‍රය බැලු ගමේ විහාරයේ ලොකු නායක හිමියෝ පැවසුහ.භාග්‍ය ශ්‍රී විමුක්ති  පුතා මේ අනුව බුදු සසුනේ මහන කරවන්නට සමන්මලී සමත් වුවාය.

අප්පා නැති පුතා බුදු සසුනට පූජා කරන්නට ඇය දෙවරක් කල්පනා කළේ නැත. බුදු හිමියනගේ නාමයෙන් ඇය එය සිදු කළාය.

2005 වර්ෂයේ උපත ලද මේ පිංවත් කුමරුවා,2017 වර්ෂයේ  දී විමුත්තියට ගමන් කරන පළමු පියවර ලෙස බුදු සසුනේ මහන් විය.ඒ ඉමදුවේ විමලරතන හිමි ලෙසටය.සුසුන් කෙත අස්වද්දා නිවන නැමැති විමුත්ති මග යන්නට එක්වන අප හිමියනගේ ගුරු හාමුුදුරුවන්‍ වන්නේ,ඉමදුව ගැටමාන්නේ චන්ද්‍රරතන හිමියන් ය.ඉගෙන ගන්නට උපන් හපන් කම් ඇති ඉමදුවේ විමලරතන පොඩි හාමුදුරුවෝ ගාල්ල විද්‍යාලෝක මහා පිරිවෙන් විද්‍යාලයෙන් අධ්‍යපනය හදාරමින් සිටියේ ය.

දැන් මේ ඉමදුවේ විමලරතන පොඩි හාමුදුරුවෝ මේ සටහන ලියන විට වයස අවුරුදු 18 ක තරම් සාමණේර වියේ පසුවන අපේ කාලයේ බුද්ධපුත්‍ර යෙකි.

සුනෙත් හැර ගිය සඳුනි අම්මාගේ නැතිනම් ඉමදුවේ විමලරතන හාමුදුරුවනගේ අම්මාගේ මේවන විට වයස අවුරුදු 41කි.ඇය බී.ජී සමන්මලී කාංචනා නම් වූවාය.

ඇය පුතා මේ තත්ත්වයට ගෙන එන්නට අපමන වු වීරයක් කැපවීමක් දෑරීය.සමහර දිනවලට කුළි වැඩ පවා කලේ තම ජීවිත කතාන්දරයේ රජු වු පොඩි හාමුරුවනගේ ලෝකය ජීවත් කරන සුන්දර අහිංසක සිහනයට සිනහවක් එක් කරන්නටය.කාලයක් ගති විය.

උදා විය 2023 වර්ෂය බී.ජී සමන්මලී කාංචනා ජීවිත ගමනට යළිත් මහා විපතක් එක් වුවාය. එය මරනයෙන් කෙළවර වන්නා වු අවසානයකි.සඳුනිගේ ගමන නතර වේද? සඳුනිට දරුණු හදවත් රෝගයක් හැදිලා තියනවා වෛද්‍යවරු සමන්මලීට කීය.කළ යුත්තේ කුමක්ද? ඇය දුක් වුවා ය.

මගේ ලෝකයේ රජ්ජුරුවෝ පුංචි හාමුදුරුවෝ තමයි.මම මේ කතාව පොඩි හාමුරුවන්ට කියලා මා හිත හදා ගන්නවා. අනේ මම මැරෙනවාය කියාලා කීවාම පොඩි සාදුගේ හදවතුට දුකක් ඇතිවේද මන්දා මගේ හදවත පැලෙන්න එනවා වගේ මට දැනෙනවා.

සමන්මලී අකමැත්තෙන් වුවද  කීවේ අප්පා තැතිව මම පොඩි හාමුදුරුවෝ මේ තත්ත්වයට ගෙනාවා.පොඩි හාමුදුරුවන් උප සම්පාද වෙන කම්වත් මට ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ.මම තව මාස දෙකකින් මිය යනවා.

දැන් ඉතිං මට යන්න අවසරයි.අපේ පොඩි හාමුදුරුවනේ.මාස දෙකක් තුනක් මම මේ හදවතේ ඇති ය කියන රෝගිය නිසා මිය යනවා කියලා දොස්තරවරු කියනවා.

මේ ආත්මයේ විතරක් නොවේ නිවන් දකින තාක් කල් ඉපදෙන ඉපදෙන සෑම ආත්තමයක දීම මගේ පොඩි සාදු මතු මතුවටත් මගේම පුතා වෙලා ඔබ වහන්සේ ඉපදෙන්නටම කියලා කියා මා පතනවා.මම යන්න යනවා අපේ පොඩි හාමුදුරුවනේ කියා ඉමදුවේ විමලරතන පුංචි සාමණේර වහන්සේට වැඳ සමන්මලී අම්මා සිය නිවසට ගියා ය.සිළි සිළි ගා හඩ නැගූ විහාරයේ බෝ හාමුදුරුවන් හමනා සිසිල් සුළඟ එක්කර සමන්මලීගේ හදවතට සහනයක් එකතු කළේය.

අනේ මගේ අම්මා! අම්මේ! මට,තාත්තාට අම්මට අම්මට තාත්තට දෙන්නටම හිටින අම්මාට මම ආදරෙයි,යැයි සිතමින් ඉමදුවේ විමලරතන පොඩි හාමුදුරුවෝ ගාල්ල විද්‍යලෝක පිරිවෙන් විහාරයේ ඇති බුදුහිමිගේ  පිළිමය දෙස බලා ගෙන භාවනා කරන්නට වූහ.

මම දැන් අම්මා බේරා ගන්නට කළ යුත්තේ කුමක් ද  අනේ බුදු හිමියනේ මට කියන්න මම අම්මට ආදරෙයි.මම හදන්න ඇය විදපු දුක් මගේ සිතට දැනෙනවා.

අනේ බුදු පියාණනී,ඔබ වහන්සේ අම්මා බේරා ගන්න එක් ආත්මයක දී අම්මා කර තබාගෙන සත් සමදුර (මුහුදු හතක්) පිහිනා ගිය කතාව අපේ නායක හාමුදුරුවෝ මට කියා දී තියනවා.

මගේ අම්මා බේරා ගන්න මම කරන්න මොනවාද කියලා අනේ බුදු හිමියනි මට කියන්න! අම්මාට මම ආදරෙයි.මමත්,මගේ අම්මාට ආදරෙයි යැයි සිතමින් ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ වැඩ සිටින  බුදු පිළිම වහන්සේ  දෙස බලා සිටින්ට විය.අහස ද පොළව ද නිසලය.පරිසරයේ කිසිදු ශබ්ධයක් නැත.අප කුඩා හිමියනගේ සිත ගත සමාධිගතව තිබේ.අප ඉමදුවේ විමලරතන බුද්ධ පුතණුවෝ තව තවත් සන්සුන්ව බවුන් වඩන්නට වූහ.

තව නිමේෂයකින් සිදු වන අරුමය කුමක්ද?සිදුවන්නේ කුමක්ද?කිසිවෙකු දැන සිටියේ නැත.

විද්‍යාලෝක පිරිවෙන් පරිවේනාධිපති අප නායක පිණි කහනේ සමිත හිමියෝ කුඩා සාමණේරයන් අසලම දැක ගත හැකි විය.

ඇයි අපේ පොඩි නම මොකද්ද බුදු හාමුදුරුවන්ගෙන් උදෙන්ම ඉල්ලන්නේ යැයි නායක හිමියෝ පොඩි නමගෙන් ඇසීය. පොඩි හාමුරුවෝ පිණි කහනේ සමිත ලොකු හාමුරුවන්ට අම්මාගේ දුක්බර කතාව කීය.

හ්..එහෙම ද? හොදයි පොඩි උන්නාසේ සිත කලබල කරගන්නේ නැතුව ඉන්නකෝ.අපි අම්මාට බෝධි පූජාවක් කරමු.පස්සේ බැරියෑ,මොකද් ද කරන්නේ කියා කල්පනා කරන්න.හොඳමයි නායක හාමුරුවනේ නියමින් නායක හිමියනගේ දෙපා වැඳ අවසර ගත් අපේ කතාන්දරයේ කතා නායක ඉමදුවේ විමලරතන සාමණේ වහන්සේ සන්සුන් ගමනින් බෝමළුව දෙසට පියවර තබන්නට විය.

ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් පරිවේණාධිපති පිණිකහනේ සමිත නායක හිමියෝ හදිසි දුරකතන ඇමතුමක් ගත්තේ ගාල්ල සමුපකාර රෝහලේ කෝප් හාට් ඒකකයේ අධ්‍යක්ෂ සහන් ගනේගම මහතාටය.

එ…එහෙමයි අපේ හාමුදුරුවනේ මට කතාව පැහැදිලියි.මම නායක හාමුදුරුවන්ට හෙට උදේ කරන්නේ කුමක්ද කියලා කල්පනා කරලා කියන්නම්.මේ සැත්කමට අපේ නායක හාමුදුරුවනේ රුපියල් ලක්ෂ විසිපහක (25) වගේ මුදලක් වැය වෙනවා.බලමු නායක හාමුදුරුවනේ මට කරන්න හැකි දෙයක් තියනවා ද කියා කියමින්  ගාල්ල සමුපකාර රෝහලේ කෝප් හාට් ඒකකයේ අධ්‍යක්ෂ සහන් ගනේගම  මහතා දුරකතනය විසන්දි කළේය.

නමුත්,නායක හිමියන් දුරකතනයෙන් කී කතාව  ගාල්ල සමුපකාර රෝහලේ කෝප් හාට් ඒකකයේ අධ්‍යක්ෂ සහන් ගනේගම මහතා විසන්දි කලේ නැත.

සිදුවන්නේ කුමක්ද ? සහන් සුපහන් වු රැයක් නිමා විය.සුන්දර උදෑසනක් දහසක් බුුදුන් බුදුවන පිංබර  උදෑසන ඉමදුවේ විමලරතන පොඩි හාමුරුවනගේ මැණියනගේ ප්‍රශ්ණයට පිළිතුරක් ලැබිණි.

අපේ නායක හාමුදුරුවනේ මුදල් ශත පහක්වත් එපා අපි පොඩි සාදුගේ අම්මාගේ හදවත් සැත්කම් කරමු.මේක කරන්න ගාල්ල කරාපිටිය මහ රෝහලේ නම් යම් කාලයක් ගත වෙනවා.මම ගාල්ල සමුපකාර රෝහලේ කෝප් හාට් ඒකකයේ සභාපති වෛද්‍ය එම්.එම් අහමඩි රිෆ්ඛාන් සර්ට කතා කළා.එතුමා සියලුම පහසුකම් හා වියදම් තම රෝහලෙන් නොමිලයේම දෙන්නම් කියා කීවා.

අපි ඉමදුවේ විමලරතන පොඩි හාමුරුවන්ගේ අම්මාගේ හදවත් සැත්කම කරමු අවසරයි නායක හාමුදුරුවනේ මම ඇමතුමක් පස්සේ ගන්නාම් කියමින් ගාල්ල සමුපකාර රෝහලේ කෝප් හාට් ඒකකයේ අධ්‍යක්ෂ සහන් ගනේගම මහතා දුරකතනය විසන්දි කළේය.

ඒ අනුව,ගාල්ල සමුපකාර රෝහලේ කෝප් හාට් ඒකකයේ  අධ්‍යක්ෂ සහන් ගනේගම,සභාපති වෛද්‍ය එම්.එම් අහමඩි රිෆ්ඛාන්, ගාල්ල සමුපකාර රෝහලේ කෝප් හාට් ඒකකයේ  අධ්‍යක්ෂ දීපාල් විතානගේ යන පිරිස කතා කර පොඩි සාදුගේ මෑණියන්ගේ හදවත් සැත්කම ගාල්ල සමුපාකාර රෝහලේ කෝප් හාට් ඒකකය මගින්,නොමිලයේ සිදු කරන්නට තිරණය කළහ.

මේ සත් කටයුත්ත භාර ගත්තේ,ගාල්ලේ පුදුම දොස්තරය.ඒ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය  නාමල් ගමගේ මහතා නැතහොත් අපේ යුගයේ ජීවකයාණෝය.වගා කරන දොස්තර මහතයාය.එතුමා අවිවේකී වෛද්‍යවරයෙකි. නමුත් විවේකයක් ලද විගස තම ගෙවත්තේ තම කුඹුරුවල භව භෝග සිටුවමින්,වගා කරමින් කාලය පරිසරය එක්ක ගත කරන්ට තරම් පරිසර හිතකාමී හදවතක් ඇති සුව විරුවෙකි. නැති නම් ලංකාවේ හදවතේ පියා මෙසේ කීය.  

මම දැනට හදවත් සැත්කම් 20,000ක් පමණ සිදුකර තියනවා.විවෘත හදවත් සැත්කම් 16 000ක් පමණ සිදුකර තියනවා.මේ පොඩි සාදුගේ අම්මාගේ හදවත් සැත්කමද අපි ගාල්ල සමුපාකාර රෝහලේ දී සාර්ථකව සිදු කරා.ඇය නිරෝව ජීවත් වෙනවා.අපිට ඒ සම්බන්ධයෙන් සතුටුයි.

ලංකාවේද ලෝකයෙ ද හදවත් සැත්කම් සිදුකරන විට හෝ ඉන් පසුව හෝ සියයට 2 ක් පමණ ප්‍රමාණයක් මිය යනවා.එය ලෝක ප්‍රවනතාවයි.කොරොනා කාලයේ හදවත් සැත්කම් වලින් මිය ගිය පිරිස ලංකාවේ සියයට 6 දක්වා තරම් වැඩි උනා.

මේ වන විට, ලංකාවේ දිනයකට සිදුවන මරන අතරින්,මරන 120 හෝ 150 ඊට වැඩි අතර ප්‍රමාණයක් හදවත් රෝග නිසා මිය යනවා.ස්භාවික මරණ වලට මේය තමයි ප්‍රධාන ‍හේතුවයි.මෙය අදවන විට වැඩිවිය හැකියි.ඔසු අවුල,වෛද්‍ය උපකරණ හිඟය හා වෙනත් කරුණු නිසා මෙය අද වන විට මෙයට වඩා වැඩි විය හැකියි.

මම විවෘත හදවත් සැත්කම් 16,000ක් රටපුරා රෝහල්වල කර තියනවා.කොළබින් පිටත හද සැත්කම් කරන්නට අප පියවර ගත්තා.කොළඹින් පිටතට හදවත් සැත්කම් ගෙන යනවාට විවිධ අංශවලින් මට බාධාවන් ආවා.සමහර වෛද්‍යවරන්,සමහර විට වෙනත් විවිධ පාර්ශව වලින්, ආදි නොයෙක් ප්‍රශ්ණ ආවා.

කොළඹට සීමා වු හදවත් සැත්කම් අපි ඉතාම අසිරු වෙන් ගාල්ල කරාපිටිය රෝහලේ සිදුකරා.විවිධ බාධක ආවා.මත ආවා.ඒ සියල්ලම ඉවසාගෙන මම සැත්කම් සිදු කරා.මම කිසිත් ගණන් ගත්තේ නෑ.නමුත් සාර්ථක සැත්කම් සිදු කර තියනවා.හද සැත්කම් සම්බන්ධයෙන් අදටත් මා ඉගෙන ගන්නවා අවබෝධයක් ගන්නවා.කොළඹින් පිටත හද සැත්කම මේවන විට සාර්ථකව සිදු කරන්න හැකි වී තියනවා.

වෛද්‍යවරුන්ගේ,විශ්‍රාම යන වයස පිළිබඳව ප්‍රශ්නයක් තියනවා.සමහර වෛද්‍යවරු රට හැර යනවා.ලංකාවට මේ පරිසරය තුළ හදවත් සැත්කම් සිදු කරන්ට වෛද්‍යවරු 27 ක් රටට අවශ්‍යයි.නමුත්,දැනට ලංකාවේ හදවත් සැත්කම් සිදුකරන වෛද්‍යවරු,සිටින්නේ 18 යි.මින් නවයක් (09) විශ්‍රාම යනවා ලඟදීම.ඒ කියන්නේ මේ වසරරේ.ඒ අනුව මේ වසර අවසාන වන විට ලංකාවේ ඉතිරි වන්නේ හද සැත්කම් වෛද්‍යවරු නවයක්(09)  වගේ සුළු වෛද්‍යවරු පිරිසක් තමයි.

මේක තමයි මේවන විට ලංකාවේ හදවත් සැත්කම් වෛද්‍යවරුනගේ තත්ත්වය.හදවත් සැත්කමට,පැය තුනන හයක වගේ කාලයක් ගත වෙනවා.සැත්කම අනුව තමයි එය තිරණය වන්නේ,සහායක වෛද්‍යවරු නිර්වින්දක වෛද්‍යවරු හා සෙසු මහ පිරිසක් මේයට උවමනායි.හදවත් සැත්කමකට සාමාන්‍යෙයන් 25ක් පමණ පිරිසක් උවමනායි.මමත් ඉතිං ලබන වසරේ විශ්‍රාම යනවා යැයි ද වෛද්‍ය නාමල් ගමගේ මහතා කීය.

ගාල්ල සමුපකාර රෝහලේ කෝප් හාට් ඒකකයේ සභාපති වෛද්‍ය එම්.එම් අහමඩි රිෆ්ඛාන් මෙසේ කීය.

ලංකාවේ හදවත් රෝගවලින් මිය යන පිරිස වැඩියි.මේ නිසා අපි කල්පනා කළා අප රෝහලෙන් ද මේ මිය යන අහිංසක හදවත් රෝගින් ප්‍රමාණය බේරා ගන්නට අපිට කළ හැකි දේ පිළිබඳව යමක් කරන්න.ඒ නිසා අප තිරණය කරා හදවත් සැත්කම් අප ගාල්ල සමුපකාර රෝහලෙන්ද සිදුකරන්ට.මේ සඳහා වෛද්‍ය නාමල් ගමගේ මහතා ප්‍රමුඛ වෛද්‍යවරු පිරිසක් අපට සහයෝගය දක්වනවා.මේ අනුව,තමයි මේ අම්මාගේ සැත්කම අපි නොමිලයේම සිදු කළේ.එය සාර්ථක උනා.

පොඩි සාදුගේ අම්මා  බී.ජී සමන්මලී කාංචනා  මෙසේ කීවාය.

මට සැත්කම කරා දැන් හොඳයි.මම මැරෙන්නට සිටිය මට පණ දුන්නේ ගාල්ල සමුපකාර රෝහලේ කෝප් හාට් ඒකකයේ සභාපති වෛද්‍ය එම්.එම් අහමඩි රිෆ්ඛාන්,අධ්‍යක්ෂ මණ්ඩලය,වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට,ස්තූතිය පුද කරනවා.

සැත්කමට,මේ සල්ලි සොයන්න විදියක් තිබුනේ නෑ.ඊට වඩා හොදයි මරෙන එක කියලා මම හිතුවා.මගේ පොඩි සාදු මා ගැන කියලා පිණිකහනේ සමිත හිමියනගේ මඟ පෙන්වීම මත මෙම සැත්කම ගාල්ල සමුපාකාර රෝහලෙන් සිදුකරා.සියලුම දෙනාටම පිං සිදු වෙනවා.විශේෂයෙන්ම,නාමල් දොස්තර මහත්තයට පිං සිදුවෙනවා.සමිත හිමියන්ට ලොකු පිනක් මගේ පුතා පොඩි සාදු මට යළිත් මගේ ජිවිතය මට ලබා දුන්නා යැයි ඇය කියන්නීය.හදවත් ඇති අය හදවතින්ම ලෝකය දකිනවා එය සත්තකින්ම යතාර්ථයක් කරමින් සිදු කල මේ සත්කාර්ය සත්තකින්ම අගය කල යුතු නොවන්නේ ද? හදවත යනු ලෝකයේ ඇති ඉතාම වටිනා වස්තුව බව හදවත් ඇති ඇත්තෝ පමනක් හදවතේ රදවා ගත යුතු වන්නේ ය.

නිමල් අලගේවත්ත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්