නවතම පුවත්

ලොව ප්‍රථම ප්‍රතිශක්තිකරණ හා කාර්ය සම්පාදන සමුළුවේදී , එන්නත් ක්‍රියාවලියේ අඩුපාඩු මගහැරවීමට එකඟතාවයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව ප්‍රථම ප්‍රතිශක්තිකරණ හා කාර්ය සම්පාදන සමුළුව අවසානයේ අබුඩාබි හි HOPE Consortium සහ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෝ ලොව එන්නත්කරණ ක්‍රියාවලියේ අඩුපාඩු නිවැරදි කිරීම සඳහා ප්‍රතිඥා ලබා දුන්හ. සෞඛ්‍ය සේවාව සම්බන්ධ ජාත්‍යන්තර වෘත්තිකයන්, සමාජ සේවකයන්, තීරණ ගන්නන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ආදීන් සමග කරන ලද වැදගත් සාකච්ඡා මාලාවකින් අනතුරුව, COVID-19 රෝග ව්‍යාප්තියට මැඩලීම සඳහා ජාත්‍යන්තර විසඳුමක් සොයා ගැනීමේදී සහ ලොව කාටත් එන්නත් ලබාගැනීම සඳහා සමාන අවස්ථා සහතික කිරීමේදී නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ අන්තර්කරණය යන සාධක අතිශයින් වැදගත් බවට මෙහිදී එකඟත්වයක් ඇතිකර ගන්නා ලදි.

මෙම සමුළුවේදී ‘නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ අන්තර්කරණය: ගෝලීය අභියෝගයකට මානව විසඳුමක් සොයාගැනීම’ යන තේමාව යටතේ සමාරම්භක දේශනය සිදුකරන ලද්දේ අබුඩාබි හි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සභාපති අතිගරු අබ්දුල්ලා බින් මොහොමඩ් අල් හමීඩ් විසිනි. COVID-19 රෝග ව්‍යාප්තියේ ආරම්භයේ සිට විවිධ රටවල් හා ප්‍රජාවන් එක්ව කටයුතු කිරීමට පෙළඹුණු ආකාරය සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වී ය. “2020 වසර තුළ සහ මෙම වසරේ මේ දක්වාම, COVID-19 ගෝලීය වසංගත තත්ත්වය වර්තමාන යුගයේ විශාලතම සහ සංකීර්ණතම ගෝලීය අභියෝගයක් වශයෙන් පවතිනවා. ප්‍රජාවන්, දේශ සීමාවන් සහ මහාද්වීප සීමාවන් ඉක්මවා යමින් මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ලෝකය එකමුතු වී සිටින ආකාරය සුවිශේෂයි. මෙම රෝග ව්‍යාප්තියට ප්‍රතිචාර දැක්වීම් ලෙස විශිෂ්ට මට්ටමේ තාක්ෂණික හා විද්‍යාත්මක වැඩිදියුණු වීම් සිදුවී තිබෙන ආකාරය අපට දකින්නට පුළුවන්. එකම සාමූහික ඉලක්කයක් යටතේ ලොව පුරා රටවල් වෙහෙස නොබලා මීට විසඳුමක් සෙවීමට උත්සාහ කරමින් සිටිනවා.”

මේ දක්වා අබුඩාබි සහ HOPE Consortium අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අතිගරු අබ්දුල්ලා අදහස් දැක්වූයේ මෙසේ ය. “මෙය කිසිවෙකුටත් තනිව කළ හැකි දෙයක් නොවන බව අප දැඩිව විශ්වාස කරනවා. සාමූහික වශයෙන් ගත් විට, මෙම වසර තුළ එන්නත් මාත්‍රා බිලියන 6 කට අධික සංඛ්‍යාවක් කළමනාකරණය කිරීමේ හැකියාව අප සතුයි. 2021 වසර අවසානය වනවිට මෙය එන්නත් මාත්‍රා බිලියන 18 ක් දක්වා වැඩි කිරීමට අප දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒ වනවිට අපට ලෝකයේ ඕනෑම ස්ථානයක් වෙත එන්නත් යැවීමටත් හැකියාව ලැබේවි. ලොව පුරා හවුල්කරුවන් සමග වඩාත් හොඳ සහයෝගීත්වයකින් කටයුතු කිරීම සඳහා HOPE Consortium මනා පදනමක් සපයන බව අපගේ විශ්වාසයයි. හැම දෙනාටම COVID-19 වසංගතයෙන් ගැලවීමට අවස්ථාවක් ලැබෙන තුරු කාටවත්ම ඉන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ.”

ජ්‍යෙෂ්ඨ මට්ටමේ තීරණ ගන්නන්, රාජ්‍ය නිලධාරීන්, විවිධ ක්ෂේත්‍ර වල හවුල්කරුවන්, රාජ්‍ය නොවන සංවිධාන, සහ ප්‍රමුඛ පෙළේ විද්වතුන් 4,000 කට අධික පිරිසක් සමුළුව සඳහා ලියපදිංචි වූහ. මෙය ගෝලීය මට්ටමින් අදාළ සියලුම දෙනාට එන්නත් ප්‍රවාහනය සහ බෙදාහැරීම සම්බන්ධ කාර්ය සම්පාදන ගැටලු සාකච්ඡා කිරීමට විවෘත වේදිකාවක් සපයා දුන් අතර, පොදු ජනතාවට සමාන ආකාරයෙන් එන්නත් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සම්බන්ධ විසඳුම් සෙවීම එහි මූලික ඉලක්කය විය.

HOPE Consortium යනු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර උත්සාහයක් බවට වර්ධනය වූ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් වන අතර, Agility, Aramex, Bolloré Logistics, CEVA Logistics, DB Schenker, DHL, FedEx Express, Expeditors, Hellmann, Kuehne + Nagel, MICCO Logistics, RSA Global සහ UPS වැනි නව පාර්ශ්ව කරුවන් සම්බන්ධ කරගනිමින් සිය ගෝලීය ප්‍රවාහන හැකියාවන් පුළුල් කරගැනීමට එය සමත් වී සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්