නවතම පුවත්

ලොව පුරා කොරෝනා මරණ 21000ක්

අසංක

අසංක

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ලොව පුරා මරණයට පත් සමස්ත සංඛ්‍යාව අද උදෑසන වනවිට 21,283 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ ගතවූ පැය 24 තුළ ඉතාලිය, ස්පාඥ්ඥය, ඇමරිකාව, ප්‍රංශය හා ඉරානය ආදී රට වලින් ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වීම තුළය.

ඉතාලිය තුළ ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 683 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 7503 දක්වා ඉහළ ගොස් තිබේ. ගතවූ පැය 24 තුළ ඉතාලියේ නව ආසාදන 5210 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 74,386 දක්වා ඉහළ ගොස් තිබේ.

ස්පාඥ්ඥයේ ගතවූ පැය 24 තුළ කොරෝනා ආශ්‍රිත මරණ 656 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බව වාර්තා වේ. ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව ලෙස 3647 ලෙස සටහන් වේ. ස්පාඥ්ඥයේ වාර්තා ගත මරණ සංඛ්‍යාව ද චීනයේ සමස්ත මරණ සංඛ්‍යාව (3287) ඉක්මවා තිබීම ද විශේෂත්වයක් වේ. ස්පාඥ්ඥයේ ගතවූ පැය 24 තුළ නව ආසාදන 7457 කට ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 49,515 ලෙස සටහන් වේ.

මේ අතර, ඇමරිකාවේ කොරෝනා ව්‍යාප්තියද තවදුරටත් වේගවත්ව ඇත.. ඒ අනුව ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 247 කට අධික සංඛ්‍යාවක් කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්ව තිබේ. ඇමරිකාවේ කොරෝනා ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 1027 දක්වා ඉහළ ගොස් තිබේ. ගතවූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදන සංඛ්‍යාව 13,347 කට අධික සංඛ්‍යාවක් යැයි සටහන් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 68,203 ලෙස සටහන් වේ.

ප්‍රංශයේ ගතවූ පැය 24 තුළ කොරෝනා ආශ්‍රිත මරණ 231 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. සමස්ත මරණ ගණන 1331 කි. ගතවූ පැය 24 ඇතුළත වාර්තා වූ නව ආසාදන සංඛ්‍යාව 2929 කට ඉහළ සංඛ්‍යාවක් ලෙස සටහන් වේ. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 25,233 කි.

මේ වන විට ලොව පුරා වාර්තා වී සිටින සමස්ත කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 471,035 ලෙස සටහන් වේ. ඉන් ද 114,218 මේ වන විට සුවය ලබා ඇති බව වාර්තා වේ. 335,534 ක් තවමත් ප්‍රතිකාර ලබන අතර, 14,792 ක ගේ තත්වය බරපතල බවද වාර්තා වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි