ලොව පුරා සිරවී සිටින ඉන්දියානුවන් ගෙන්වා ගනී

Picture of අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක සිරවී සිටින ඉන්දියානුවන් ලක්‍ෂ 2 ක් යළි සිය රටට ගෙන්වා ගැනීමට ඉන්දීය රජය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

1990 වසරෙන් පසුව ඉන්දියාව සිදුකරන දැවැන්තම ගලවා ගැනීමේ මෙහෙයුම මෙය වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මීට පෙර ගල්ෆ් යුද සමයේ කුවේටයේ සිටි ඉන්දියානුවන් එක් ලක්‍ෂ 70,000 ක් මෙලෙසම ගෙන්වා ගත් බවද අමාත්යාංශය පැවසීය.