ලොව බලවත්ම කාන්තාවන් 100 අතරට ශෙමාරා වික්‍රමනායකත්

Picture of අසංක

අසංක

2020 වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක සමත් වී ඇත.

ඒ අනුව ජාත්‍යන්තර ෆෝර්බ් සඟරාව විසින් එළිදක්වා ඇති මෙම ලයිස්තුවේ 29වන ස්ථානයට පත්වීමට ඇය සමත්වී ඇත

ඕස්ට්‍රේලියාවේ Macquarie සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙන්ම ප්‍රධාන විධායක නිළධාරිණියද වන ශෙමාරාගේ පියා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන අතර එක්සත් රාජධානියේ උපත ලැබූ ඇය කුඩා කාලයේදී ශ්‍රී ලංකාවේ වාසය කරඇත , ඉන්පසු වයස අවුරුදු 13 දී ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇති ඇය එහිදී අධ්‍යාපන කටයුතු සිදුකර තිබේ .

ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 අතර සිටින එකම ප්‍රධාන විධායක නිළධාරිනියද වීම විශේෂත්වයකි

ජාත්‍යන්තර ෆෝර්බ් සඟරාවට අනුව ලොව බලවත්ම කාන්තාවන්ගේ ලයිස්තුවේ පළමු ස්ථානය හිමි කරගෙන සිටින්නේ ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ගෙලා මර්කෙල් විසිනුයි. ෆෝර්බ් සඟරාවට අනුව, ඇය අඛණ්ඩව 10 වැනි වරටත් ලොව බලවත්ම කාන්තාව බවට පත්ව තිබේ.

දෙවැනි ස්ථානය යුරෝපා මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ් හිමි කරගෙන ඇති අතර තෙවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ නව ඇමරිකානු උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් ය.

සම්පූර්ණ ලැයිස්තුව