‘ලොව මෝඩම ඡන්ද දායකයෝ ලංකාවේ’ කියන ශ්‍රේණිගත කිරීම ගැන ඇත්ත නැත්ත

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණය උණුසුමත් සමග මේ දිනවලද සමාජ ජාල පුරා හුවමාරු වන “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් පළවන ශ්‍රේණිගත කිරීම සහිත පෝස්ටු මුළුමනින්ම අසත්‍යයක් බව ෆැක්ට් ක්‍රිසෙන්ඩෝ ආයතනය පවසයි.

මෙහි සත්‍යය, අසත්‍යයතාවය සෙවීම සදහා එම ආයතනය විසින් මෙවැනි ආකාරයේ ශ්‍රේණිගත කිරීමක් ලොව කොතනක හෝ තිබේදැයි සොයා බැලූ නමුත් එවැනි ආකාරයේ ශ්‍රේණිගත කිරීමක් නොමැති බව ෆැක්ට් ක්‍රිසෙන්ඩෝ ආයතනය අවධාරණය කළේය.

ඒ අනුව එම ඡායරූපය බොස්ටන් ග්ලෝබ් පුවත්පතේ 2018 අගෝස්තු මස 16 දින මුල් පිටුව බවත්, “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් කිසිඳු පුවතක් එහි නොමැති බවත් පැහැදිලි වූ බව එම ආයතනය වැඩිදුරටත් තහවුරු කර තිබේ.