ලොව ලොකුම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයත් රුසියා ප්‍රහාරයකින් පිච්චෙයි

Picture of අසංක

අසංක

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, රුසියානු ප්‍රහාරයකින් පිළිස්සී ගොස් තිබේ.

ඒ හොස්ටොමෙල් ගුවන් තොටුපළට එල්ල වූ රුසියානු ෂෙල් ප්‍රහාරයකිනි.

යුක්‍රේන රාජ්‍ය අවි නිෂ්පාදන සමාගමක් වන උක්‍රොබොරොන්ප්‍රොම් අද මේ පිළිබඳ පැවසුවේ “රුසියානු ආක්‍රමණිකයන් යුක්‍රේන ගුවන් සේවයේ ප්‍රමුඛයා වන ජනප්‍රිය An-225 Mriya විනාශ කළා. එය සිදු වූයේ කීව් අසල හොස්ටොමෙල් හි ඇන්ටනොව් ගුවන් තොටුපළේදීයි”

ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඩොලර් බිලියන 3 කට වඩා වැඩි මුදලක් වැය වන බවත් දිගු කාලයක් ගතවනු ඇති බවත් එහි සඳහන් විය.

මෙම ගුවන් යානය 2018 අප්‍රේල් මාසයේදී ඉන්ධන ලබාගැනීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස්වීය.