නවතම පුවත්

ලොව ලොකුම සරණාගත කඳවුරටත් කොරෝනා යයි

අසංක

අසංක

ලොව විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන බංගලාදේශයේ කොක්ස් බසාර්හි පිහිටි සරණාගත කඳවුරේ සරණාගතයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව වාර්තාවේ.

රෝහින්ග්‍යා සරණාගතයින් මිලියනයක් පමණ වෙසෙන එම කඳවුරේ තහවුරු වූ පළමු රෝගීන් දෙදෙනා මොවුන් වන අතර මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයද මේ වෙත යොමුව ඇත

මේ වනවිට ආසාදිතයින් වෙන්කර ප්‍රථිකාර කරන බවත් පරීක්ෂණ සඳහා යොමු කළ යුතු සරණාගයින් 1 900ක් පමණ හුදකලා කර ඇති බවත් බංගලාදේශ වෛද්‍යවරු මාධ්‍ය වෙත පවසා ඇත.

අධික තදබදයෙන් යුතු මෙම කඳවුරේ වෛද්‍ය පහසුකම්, පිරිසුදු ජලය, ඇතුළු බොහෝ අවශ්‍යතා සීමිත බැවින් කොරෝනා පැතිරීමෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට සති ගනනාවක් තිස්සේ අනතුරු අඟවා තිබිණි.

කඳවුරේ වර්ග කිලෝමීටරක සරණාගතයින් 40 000 – 70 000ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බවද වාර්තාවේ

මේ සම්බන්දව අදහස් දක්වමින් බංගලාදේශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ෂාමි ජහාන් පවසන්නේ කොරෝනා රෝගයෙන් සරණාගත කඳවුරේ දහස් ගනනක් මිය යාමේ අවදානමක් පවතින බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්