ලොව වැඩිම රාජ්‍ය තාන්ත්‍රික බලයක් හිමි රට බවට චීනය පත්වෙයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

චීනය මේ වනවිට ලොව විශාලතම රාජ්‍යතාන්ත්‍රික බලය සහිත රට බවට පත්ව ඇති බව ඕස්ට්‍රේලියානු බුද්ධි මණ්ඩලයක් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත .

ඒ අනුව ලොව පුරා තානාපති කාර්යාල , හා කොන්සියුලේට් කාර්යාල වැඩි වශයෙන්ම පිහිටුවා ඇති රට චීනය වන බව මෙම වාර්තාවේ දැක්වේ.

මේ වනවිට ලොව පුරා රටවල් වල චීන තානාපති කාර්යාල හා කොන්සියුලේට් කාර්යාල 276ක් පවතින බවත් ඕස්ට්‍රේලියාවේ “ලොවි ” ආයතනය නිකුත් කල මෙම වාර්තාවේ දැක්වේ.

දෙවෙනියට වැඩිම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති රාජ්‍යය ලෙස මෙම වාර්තාවේ දක්වා ඇත්තේ ඇමෙරිකාව වන අතර , එය සතු තානාපති හා කොන්සියුලේට් කාර්යාල ගණන 273 කි . ඊට අමතරව ප්‍රංශය සතුව මෙවැනි රාජ්‍යතාන්ත්‍රික ආයතන 267 ක් පවතින අතර ජජපානය සතුව 247ක් පවතී . මෙම ලයිස්තුවේ පස්වන ස්ථානයේ රැදී සිටින රුසියාව සතුව ඇති තානාපති කාර්යාල හා කොන්සියුලේට් කාර්යාල ගණන 242 කි .

ඇමෙරිකාව හා චීනය සතු තානාපති කාර්යාල ගනන සමාන වුවද චීනය සතුව කොන්සියුලේට් කාර්යාල වැඩි ප්‍රමාණයක් ඇති බවත් මෙම වාර්තාව පෙන්වාදී ඇත.

මේ තුලින් චීනයේ ජාත්‍යන්තර අරමුණු පිළිබඳව කරුණු රැසක් පැහැදිලිවන බවද ලොවි ආයතනය සඳහන් කර සිටී

තානාපති කාර්යාල හරහා වැඩි වසහ්යෙන් සිදුකෙරෙන්නේ රටවල් දෙකක් අතර දේශපාලන සබඳතා වැඩි කිරීම වන බවත් , කොන්සියුලේට් කාර්යාල හරහා වැඩි වශයෙන් සිදුකෙරෙන්නේ රටවල් දෙකක් අතර ආර්ථික හා වෙළඳ සබඳතා දියුණු කිරීම වන බවත් මෙහි දැක්වේ.

ඒ අනුව ලොව පුරා කොන්සියුලේට් කාර්යාල ඇතිකර , චීනය බලාපොරොත්තුවන්නේ තම වෙළඳ හා වනිජ්‍ය සබඳතා පුළුල් කර ගැනීම වන බව මෙම වාර්තාව සඳහන් කර ඇත.