ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කෙරෙන ලොව විශාලතම වෙළඳ හවුල( RCEP) හෙවත් ‘කලාපීය පරිපූර්ණ ආර්ථික සහයෝගිතාවය‘ නමින් පසුගියදා ආරම්භ කෙරිණ.
රටවල් පහළොවක සහභාගීත්වයෙන් යුත් මෙම වෙළඳ හවුල ගිනිකොණදිග ආසියානු රටවල් 10කින් ද, දකුණු කොරියාව, චීනය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙන් ද සමන්විත වේ.
මූලික වශයෙන්, කොරොනාවෛරස ගෝලීය වසංගතයෙන් මිදී ප්‍රතිසාධනය වන්නට මෙම හවුල උපයෝගී කර ගත හැකි වනු ඇතැයි ඊට සම්භන්ධ රාජ්‍ය නායකයෝ විශ්වාස පළකර ඇත .
RCEPහි සාමාජික රටවලට ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් අයිති වන අතර, ගෝලීය දළ දේශීය නිශ්පාදිතයෙන් 29%ක් ද අයත් වේ.
මේ නව නිදහස් වෙළද හවුල යුරෝපා සංගමයට ද එක්සත් ජනපද- මෙක්සිකෝ සහ කැනඩා එකඟතාවට ද වඩා විශාල ය
වසර විස්සක් ඇතුළත තීරු බදු රාශියක් ඉවත් කරන්නට RCEP වෙළඳ හවුල බලාපොරොත්තු වන අතර ඊට බුද්ධිමය දේපල, විදුලි සංදේශනය, මූල්‍යමය සේවාවන්, e-වාණිජ්‍යය, සහ වෘත්තිමය සේවාවන් ද ඇතුළත් වෙයි.
කෙසේ වෙතත්, ඇතැම් ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ මෙම හවුල අනෙක් සාමාජික රටවලට වඩා චීනයට, ජපානයට සහ සහ දකුණු කොරියාවට ලාභදායි වනු ඇත් බවකි