නවතම පුවත්

ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ , අද පැවති පිරිමි මීටර් 100 ඉසව්වෙන් පෙරළිකාරී  ජයග්‍රහණයක්  අත්පත් කරගැනීමට  ඉතාලියේ මර්සෙල් ජැකොබ් සමත් විය. අවසන් තරගයේදී ඔහු ඒ සඳහා වැයකළ කාලය තත්පර 9.80 කි.

රිදී පදක්කම ඇමරිකාවේ ෆ්‍රෙඩ් කර්ලිට හිමි වූ අතර ලෝකඩ පදක්කම කැනඩාවේ ඇන්ඩ්‍රි ඩි’ග්‍රේස් හිමිකර ගත්තේය.

අවසන් පූර්ව වටයේදී හොඳම කාලය වාර්තා කළ චීනයේ බින්ග්ටියන් සූ අවසන් තරගයේදී දැඩි පසුබෑමකට ලක්වීම විශේෂ සිදුවීමකි. ඔහු අවසන් පූර්ව තරගයේදී තත්පර 9.83 ක කාලයක් වාර්තා කළ නමුත් අවසන් තරගයේදී ඔහුගේ තරග නිමි කාලය සටහන් වූයේ 9.98 ක් ලෙසයි.

තත්පර 9.83 කින් අවසන් පූර්ව වටය සමත් වූ ඇමරිකාවේ රොනී බේකර් ද අවසන් තරගයේදී පසුබෑමට ලක් වූ අතර ඔහු එහිදී තත්පර 9.95 ක් ගත කරමින් පස්වැනි ස්ථානයට පත් විය.

පසුගිය ඔලිම්පික් තරගාවලි කිහිපය පුරා මෙම ඉසව්වේ ආධිපත්‍යය දරමින් සිටි ජැමෙයිකාව මෙන්ම ඇමරිකාවද දැඩි පසුබෑමකට ලක්ව සිටින අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් අවසන් පූර්ව තරගයේදීම පරාජයට පත් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්