නවතම පුවත්

ලෝකයෙන්ම දෙවැනි තැනට ටුබැකෝ ගිලින ඉන්දියාවෙන් ඊ-සිගරට්ටුවට තහනමක්

අසංක

අසංක

ඉන්දියාව තුළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි හෙවත් ඊ-සිගරට් නිෂ්පාදනය හා ආනයනය තහනම් කිරීමේ පනත එරට පාර්ලිමේන්තුව තුළ ඊයේ (18) සම්මත කර තිබේ.

මෙය මහජන සෞඛ්‍ය පිළිබද සළකා ගත් තීරණයක් බව ඒරට රජය පවසයි.

එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පවසා තිබුණේ ඊ-දුම්වැටි භාවිතය සිදුවන්නේ විලාසිතාවකට මෙන් වන බවත් සෙසු පුද්ගලයන් ඊට එක්කර ගැනීමේ උපක්‍රමයක් ලෙස වන බවත් ය.

ටුබැකෝ නිෂ්පාදන හේතුවෙන් රෝගී තත්ත්වයට පත්ව මරණය කරා යන ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව වසරකට ලක්ෂ 9ක් බව අමාත්‍යවරිය පෙන්වා දී තිබේ.

ඉන්දියාව තුළ දුම්බොන වැඩිහිටි පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 100 ඉක්මවන බව ද ඉන්දීය පාර්ලිමේන්තුවේදී හෙළිවිය.

ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක් මේ වනවිටත් ඊ-දුම්වැටි භාවිතය තහනම් කර තිබුණි. නමුත් ඊ-දුම්වැටි ඔන්ලයින් ගෙන්වා ගැනීම අවහිර කිරීමට තරම් ප්‍රාන්ත රජයන් සමත්ව නොතිබුණි.

කෙසේවෙතත් ඉන්දියාව මෙම පියවර ගනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊ-සිගරට් තහනම් කිරීමේ තම සැලසුම පිළිබද නිවේදනය කර දවස් කිහිපයකට පසුව ය.


චීනයට පමණක් දෙවැනි වෙමින් ඉන්දියාව ලොව දෙවැනි විශාලතම ටුබැකෝ පරිභෝජනයක් ඇති රට ලෙස නම් දරද්දී තෙවැනි විශාලතම ටුබැකෝ නිෂ්පාදකයාට හිමි වාර්තාව ද තබා ඇත්තේ ඉන්දියාවයි. ඒරට තුළ මිලියන 45.7ක පමණ ජනතාව ටුබැකෝ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලීමෙන් තම ජීවිතය සරිකරගනිති.

එවැනි තත්ත්වයක් තුළ ජනතාවගේ සෞඛ්‍ය පිළිබද සළකා ටුබැකෝ තහනමට ලක්නොකොට ඊ-සිගරට් පමණක් තහනම් කිරීම ඉන්දියාවට කරන බලපෑම ඉතාම අල්ප ඒකක් වනු ඇති බව ඇතැමුන් මත පළකර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්