නවතම පුවත්

ලෝකයෙන් බාගයක් ලොක්ඩවුන්

අසංක

අසංක

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ලෝක ජනගහනයෙන් අඩක් පමණ එනම් බිලියන 3.9 කට වැඩි ජනතාවකට ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින ලෙස දැනුම් දී ඇති බව අනාවරණය වෙයි.

AFP ආයතනය කරන ලද ගණනය කිරීමකට අනුව මේ බව සොයාගෙන ඇත.

මෙහිදී ලොක්ඩවුන් ලෙස අර්ථකථනය කර ඇත්තේ නිවෙස් තුළ අනිවාර්ය හෝ නිර්දේශිත රඳවා තැබීම්, ඇඳිරි නීතිය සහ නිරෝධායන ඇතුළත් පියවර ගණනාවක් කවර අයුරින් හෝ ක්‍රියාත්මක කිරීමයි.

රටවල් 90 කට වැඩි ගණනක මෙම පියවර මේ වනවිට ක්‍රියාත්මක වේ.

සිකුරාදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක තායිලන්තයේ ඇඳිරි නීතියත් සමග මෙලෙස ලොක්ඩවුන් ප්‍රමාණය බිලියන 7.8ක් වන ගෝලීය ජනගහනයෙන් අඩක් පසුකළේය.

යුරෝපයේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය වැනි රටවල් රඳවා තැබීමේ යම් යම් සීමා යටතේ ක්‍රියාත්මක වේ. ආසියාවේ, ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව වැනි රටවලට ද ඇඳිරිනීතිය ආදිය ක්‍රියාත්මක ය.

එක්සත් ජනපදයේ විශාල කොටස් යම් ආකාරයක අගුලු දමා ඇති අතර සාපේක්ෂව හුදෙකලා වූ නවසීලන්තය පවා බේරී ඇතැයි කිව නොහැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්