නවතම පුවත්

ලෝකයේ ජීවත්වෙන්න හොඳම නගරය නවසීලන්තයේ ඔක්ලන්ඩ්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

“ද ඉකොනොමිස්ට්” ( THE ECONOMIST ) සඟරාවේ නවතම ශ්‍රේණි ගතකිරීම් අනුව ලොව ජීවත් වීමට හොඳම නගරය ලෙස නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය තේරී පත්ව ඇත .

කෝවිඩ් වෛරස පාලනය ප්‍රමුඛ තවත් සුවිශේෂී සාධක කිහිපයක් මුල් කරගනිමින් මෙම නවතම ශ්‍රේණි ගත කිරීම් සිදුකර ඇති බව එකොනොමිස්ට් සඟරාව සඳහන් කර ඇත .

නවසීලන්තයේ ඕක්ලන්ඩ් මෙලෙස පෙරමුණ ගෙන ඇත්තේ ලොව පුර විහිදී තිබෙන නගර 140ක් අතුරින් වන අතර .එරට අගනුවර වන වෙලින්ටන් නගරයද මෙම ලයිස්තුවේ සිව් වන ස්ථානය පත්ව තිබීම සුවිශේෂී කරුණකි .

මෙම ලැයිස්තුවේ දෙවන තැන ගැනීමට ජපානයේ ඔසාකා සමත්ව තිබේ. තුන්වන තැන හිමිව ඇත්තේ ඔස්ට්‍ර්ලියාවේ ඇඩිලේඩි වෙතය.

පස්වන ස්ථානයට ජපානයේ ටෝකියෝ නුවර නම් කර තිබෙන අතර හය වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර හිමිකර ගෙන තිබේ.

ස්විට්සර්ලන්තයේ සූරිච් ජිනීවා නුවර හත සහ අට වන ස්ථානවලට පත්ව තිබෙන අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නව වැනි තැනට පත්ව ඇත.

දහවෙනි තැන වෙන් කර ගැනීමටද ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඒ අනුව බ්‍රිස්බේන් නගරය එම තැන හිමි කරගෙන ඇති බවයි දැක්වෙන්නේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාවද දැඩි පීඩනයකට හසු වූ රටක් වන නමුත් ඔවුන් මෙම ලයිස්තුවේ ස්ථාන හතරක් අත්පත්කර ගැනීම සුවිශේෂිය.

කොවිඩ් පාලනය සඳහා මෙම රටවල් ආරම්භයේ සිටම දැඩි පියවර ගෙන තිබෙන අතර ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැපයීම අතින්ද මෙම රටවල් සුවිශේෂී වන බවයි ඉකොනොමිස්ට් සඟරාව පෙන්වා දී ඇත්තේ.

ලොව ජිවත් වීමට නුසුදුසුම නගරය ලෙස දක්වා ඇත්තේ සිරියාවේ ඩැමස්කස්ය.

ලොව ජීවත් වීමට හොඳම නගර- 2021

1. ඔක්ලන්ඩ් – නවසීලන්තය
2. ඔසාකා – ජපානය
3. ඇඩිලේඩ් – ඔ්ස්ට්‍රේලියාව
4. වෙලින්ටන් – නවසීලන්තය
4. ටෝකියෝ – ජපානය
6. පර්ත් – ඔ්ස්ට්‍රේලියාව
7. සූරිච් – ස්විස්ටර්ලන්තය
8. ජිනීවා – ස්විස්ටර්ලන්තය
8. මෙල්බර්න් — ඔස්ටේලියාව
10. බ්‍රිස්බේන් – ඔස්ටේ්‍රලියාව

ලොව ජීවත් වීමට නුසුදුසුම නගර – 2021

1. ඩමස්කස් – සිරියාව
2. ලාගෝස් – නයිජීරියාව
3. පෝට් මෝස්බි – පැපුවා නිව්ගිනියා
4. ඩකා – බංග්ලාදේශය
5. ඇල්ජියර්ස් – ඇල්ජීරියාව
6. ට්‍රිපෝලි – ලිබියාව
7. කරච්චි – පාකිස්ථානය
8 හරාරේ – සිම්බාබ්වේ
9. ඩූලාලා – කැමරූන්
10. කරාකාස් – වෙනිසියුලාව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්