නවතම පුවත්

ලෝක කම්කරු දිනය අදයි

අසංක

අසංක

සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උදෙසා වෙන් කෙරුණු ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදයි.

මුළුමහත් ලෝකයම වසංගතයකට ගොදුරු වූ පසුබිමක ශ්‍රී ලංකාවේ ද වෙනදා මහමඟ, ක්‍රීඩාංගන පිරී ඉතිරී ගිය කම්කරු දින සැමරුම් පෙළපාලි රැළි අඛණ්ඩව දෙවැනි වසරටත් මෙවර පැවැත්වෙන්නේ නැතත් මෙවර සිහිකරන්නේ 135 වැනි මැයි දින සැමරුමයි.

ධනේෂ්වර පංතියට එරෙහිව කම්කරු පිරිසක් පැය 8කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1988 මැයි 01 වැනි දා චිකාගෝ නුවරට එක්වූහ. මෙම වැඩවර්ජනයේ දී කම්කරුවන් 4 දෙනෙකු මියගිය අතර තවත් කම්කරු නායකයින් ගණනාවක් අත්අඩංගුවට පත් විය.

මෙම අරගලයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මිය ගියහ. එම කම්කරු අරගලයේ කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සෑම වසරක මැයි 01 වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍ර‍කාශයට පත්විය.

ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය.

එදා සිට අද දක්වා මෙරට ප්‍ර‍ධාන පක්ෂ වෙන් වෙන් වශයෙන් මැයි දින සැමරුම් උත්සව උත්කර්ශවත් ලෙස සංවිධානය කර සැමරූහ. එහෙත් මෙවර අපට ගත කරන්නට සිදුවී ඇත්තේ නිහඬ මැයි දිනකි.

වර්තමානය වන විට ගෝලීය වසංගතයට ගොදුරු වූ ශ්‍රී ලංකාව ද මැයි දින සැමරුම් අත්හිටුවා පිට පිට දෙවැනි වසරටත් නිහඬව සිහිපත් කරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්