ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ලෝක ගුරු දිනය සැමරෙන අද (06) දිනයේ දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ඒ අනුව ලෝක ගුරු දිනය දවසේ හෝ මේ සඳහා විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ගුරු – විදුහල්පතිිවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ “මෙයින් යම් අනතුරක් වෙනවා නම් මෙවැනි දෙයක් සංවිධානය කිරීම සෞඛ්‍ය පැත්තෙන් බරපතළ තත්ත්වයක්. එහෙම දෙයක් කරන්න හදනවා නම් මම නම් මෙය දකින්නේ වෘත්තිය අරගලයක් විදිහට නෙමෙයි. අයහපත් චේතනාවකින් කරන කටයුත්තක් ලෙසයි.” යනුවෙන් පැවසීය.
අද දිනයේ විරෝධය පළකරමින් පාසල් ඉදිරිපිට කළු කොඩි එසැවීමට ද විදුහල්පතිවරුන් තීරණය කර ඇතැයි වාර්තා විය.