නවතම පුවත්

සිසුන් 200 අඩු පාසල් ලබන 21 දා ඇරේ

Roshan

Roshan

දම්පත් රණසිංහ

සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යාපන කටයුතු සදහා ඔක්තෝබර් 21 වනදා සිට විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරු තීරණය කර තිබේ.

ඌව පළාත් ආණ්ඩුකාරවරයා මෙයට පෙර සැළසුම්කර තිබුණේ 18 වෙනිදාට ඌව පළාත් සබාවට අයත් 200 ට අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමටය.

ඒ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා තීන්දුවක් ගෙන තිබුණේ 21 වෙනිදාට 200 ට අඩු ළමුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමටය.

ඒ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව සියළුම පළාත් පාසල්වල ප්‍රාථමික අංශ 21 වෙනිදා විවෘත කිරීමට පොදු එකඟතාවක් ඇති විය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් විවෘත කිරීමට බවත් ඒ සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබී ඇති බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ් අනුව මෙවර ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කළින් නියම කරගත් දින වලදී පැවැත් වීමට නොහැකි වු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

2020 වර්ෂයෙන් පාසල් පැවැත් වෙන දින 210 න් පාසල පැවැත් වීමට හැකි වූයේ දින 65ක් පමණක් බවත් මෙම වසරේ බස්නාහිර පළාතේ පාසල් පැවැත් වූයේ දින 05ක් පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

තවද විශ්‍රාම ගිය ගුරුවරුන්ගේ වැටුපට වැඩි කළ වැටුප ඒක් නොවීමේ ගැටළුවටද ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් මගින් ඒම ගැටළුව විසඳීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි