නවතම පුවත්

ලෝක ජනගහනයෙන් බාගයක් සමාජ ජාලයේ

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

2021 ජනවාරි මාසය වනවි‍ට ලොව පුරා 7.83ක් වූ සමස්ත ජනගහනයෙන් බාගකටත් වඩා එනම් සමාජ ජාලයේ සක්‍රියව සිටින සංඛ්‍යාව බිලියන 4.20ක් බව ගෝලීය ඩිජිටල් දත්ත විශ්ලේෂණයේ නවතම වාර්තාව සඳහන් කරයි. මෙම අගය පසුගිය වසර තුළ මිලියන 490කින් වර්ධනය වී ඇත. එය වසරින් වසර 13%කට වඩා වැඩියෙන් වර්ධනයක් වන බව එම වාර්තාවේ දැක්වේ.

ගෝලීය සමස්ත ජනගහනයෙන් බිලියන 4.66 ක ජනතාවක් අන්තර්ජාලය භාවිතයට පෙළඹී සිටි.  එය සමස්ත ගෝලීය ජනගහනයෙන් 59.5% ක ප්‍රතිශතයකි. ලෝක ජනගහනයෙන් බිලියන 5.22ක් ජංගම දුරකතන භාවිත කරයි.

2020 වසරේ ජනවාරි මාසය වනවිට පැවති ලෝක ජනගහනයට වඩා මේ වසරේ ජනවාරි වනවිට මිලියන 81කින් ජනගහනය ඉහළ ගොස් තිබේ.  එම වසරක කාලය තුළ ලොව පුරා ජංගම දුරකතන භාවිත කරන්නන් මිලියන 93කින් ඉහළ ගොස් ඇත.

ගතවූ වසර තුළදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංඛ්‍යාත්මක වශයෙන් වැඩිම වර්ධනයක් පෙන්වා ඇත්තේ සමාජ ජාලයට එක්වූ ක්‍රියාකාරිකයින් ය. වසරක් තුළ සමාජ ජාලයට එක්වූ සක්‍රිය සාමාජිකයන් ගණන මිලියන 490කට අධික ය. 2020 වසරේ ජනවාරි මාසය වනවිට පැවති ලෝක ජනගහනයට වඩා මේ වසරේ ජනවාරි වනවිට මිලියන 81කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම එම වසරක කාලය තුළ ලොව පුරා ජංගම දුරකතන භාවිත කරන්නන් මිලියන 93කින් ඉහළ ගොස් ඇත. අන්තර්ජාල භාවිතය අතිවිශාල වර්ධනයක් පෙන්නුම් කරමින් මිලියන 316කින් ඉහළ ගොස් තිබේ.

මේ වසරේ ජනවාරි මාසය වනවිට ලොව වෙසෙන අවුරුදු 16ත් 64ත් අතර අයගෙන් 97.1% කට කුමන හෝ ජංගම දුරකතනයක් තිබේ. ඉන් 96.6%ක්ම ස්මාර්ට් ෆෝ්න් ඇති අය බව ගෝලීය ඩිජිටල් දත්ත විශ්ලේෂණ වාර්තාවේ දැක්වේ. ඒ අනුව ස්මාර්ට් නොවන ජංගම දුරකතන භාවිත කරනුයේ 9%ක් පමණි. එම වයස් ඛාණ්ඩය තුළ 64.4%කට ලැප්ටොප් පරිගණයක් ඇති අතර 34.3%කට ටැබ් එකක් ඇතැයි එම වාර්තාව පවසයි.

මේ වසරේ ජනවාරි මාසය වනවිට ලෝක ජනගහනයෙන් අවුරුදු 16ත් 64ත් අතර වයස් ඛාණ්ඩයේ පසුවන්නන් විසින් අන්තර්ජාලය හෝ ඒ හා බැඳුණු මාධ්‍යයක් භාවිත කරන කාලය ද එම වාර්තාව ඔස්සේ ගණනය කර තිබේ. දෛනිකව ඕනෑම උපාංගයකින් එම මාධ්‍යයන් භාවිත කරන්නන් මෙහිදී සළකා බලා ඇත. ඒ අනුව දිනකට අනන්තර්ජාලය භාවිත කරන කාලය අවම වශයෙන් පැය 6යි මිනිත්තු 54ක් බව පැවසේ. රූපවාහිනී හෝ සජීවී රූපවාහිනී නාළිකා නරඹන කාලය දිනකට අවම පැය 3 යි මිනිත්තු 24කි. අඩුම තරමින් දිනකට පැය 2යි මිනිත්තු 25ක් හෝ ජනතාව සමාජ ජාලයේ ගතකරන බවට පෙනීගොස් ඇත. ඔන්ලයින් පුවත් බලන කාලය දිනකට පැය 2ක් බව කියයි.

මේ වසර මුල් භාගය වනවිට අන්තර්ජාලය භාවිත කරන සමස්ත ජනගහනයෙන් 92.6%ක්ම එය භාවිත කරන්නේ ස්මාර්ට්ෆෝන්, ටැබ්, ස්මාර්ට්වොච් ආදි ජංගම උපකරණයක් මගිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්