නවතම පුවත්

ලෝක දුනු විදීමේ ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද දස්කම් පෙන්වති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක ශුරතා දුනු විදීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ශ්‍රී ලංකා පොලීසියේ පොලිසියේ සැරයන්වරියක් වන අනුරාධා විජේසිංහ අද (22) සිය දක්ෂතා පෙන්වීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ලෝක දුනු විදීමේ ශූරතා තරගාවලියට සහභාගි වීමට මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් සුදුසුකම් ලැබීය.

එම ක්‍රීඩකයින් මේ වන ඇමරිකාවට ගොස් සිටින අතර පසුගිය 20  ඇරඹි තරගාවලිය ලබන 26 දා දක්වා පැවැත්වවේ.

අනුරාධා විජේසිංහ ගාල්ල හිනිදුම මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 2003 වසරේදී කොස්තාපල්වරියක් ලෙස ⁣පොලිස් සේවයට එක්වූ තැනැත්තියකි. 2018 වසරේදී ඇය සැරයන් තනතුරට උසස්වීම් ලබා ඇත.

2011වසරේ සිට 2013 වසර දක්වා වසර තුනක්ම එකදිගට මෙන්ම 2015 සහ 2019 යන වසරවලත් ජාතික දුනු විදීමේ ශූරිය බවට පත්ව ඇත්තතේ ඇයයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2016 සහ 2019 වසරවලදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී ඇති ඇය රිදී පදක්කම් ලබා ගනිමින් ජයග්‍රහණ අත්කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්