රටේ ජනගහනයෙන් , කොවිඩ් එන්නතකරණයට ලක්වූ පිරිස ප්‍රතිශතාත්මකව සැලකු විට , ශ්‍රී ලංකාව ලොව සාර්ථකම රටවල් අතරට එක්ව ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවක දැක්වේ .
එම විශ්වවිද්‍යාලයේ දත්ත මත ක්‍රියාත්මක වන ourworldindata වෙබ් අඩවියට අනුව මේ වනවිට මෙරට එන්නත්කරණයට ලක්වූ ජනතාවගේ ප්‍රතිශතය 77 % ලෙස දැක්වෙන අතර ඉන් 65% ක පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වේ. සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව නැති එහෙත් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පිරිස ප්‍රතිශතාත්මකව 12% වන බවද එම වාර්තාවේ දැක්වේ.
එම එන්නත්කරණ ප්‍රතිශතයට අනුව ඇමෙරිකාව , ජර්මනිය ඇතුළු දියුණු රටවල් රැසක් තවමත් ශ්‍රී ලංකාවට පිටුපසින් සිටීම මෙම දත්ත වාර්තාවෙන් පැහැදිලිවන සුවිශේෂී කරුනකි .
උදාහරණයක් ලෙස ඊයේ දින වනවිට ඇමෙරිකාවේ මෙම එන්නත්කරන ප්‍රතිශතය 75% ක් විය , එසේම එරට පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති ප්‍රතිශතය තවමත් ඇත්තේ 63% ක මට්ටමේය
එසේම , ලෝකයේ එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කල මුල්ම රටවල් අතර සිටි බ්‍රිතාන්‍යයේද , එන්නත්කරණයට ලක්වූවන්ගේ ප්‍රතිශතය තවමත් ඇත්තේ 77% මට්ටමේය , එනම් මෙරට ප්‍රතිශතයට සමාන මට්ටමකය .
ශ්‍රී ලංකාවට එන්නත් ලබාදුන් රටවල් අතර ප්‍රධාන තැනක් ගත් ඉන්දියාවේ එන්නත්කරන ප්‍රතිශතය තවමත් ඇත්තේ 67 % ක මට්ටමකය . එරට පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය 67% කි .
ලොව , එන්නත්කරණය සාර්ථක ලෙසම ක්‍රියාත්මක කල බවට ජාත්‍යන්තර මාධ්‍යවල පවා බහුලව කතාබහට ලක්වූ ඊශ්‍රායලයේ එන්නත්කරන ප්‍රතිශතය තව පවතින්නේ 72% ක අගයකය .
මෙම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල දත්තයන්ට අනුව , සමස්තයක් ලෙස ලෝකයේ එන්නත්කරණ ප්‍රතිශතය පවතින්නේ 61% ක් මට්ටමේය . එසේම ලෝකයේ, සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ගේ ප්‍රතිශතය 55% කි , ඒ අනුව ශ්‍රී ලකාව ලෝකයේ සාමාන්‍ය එන්නත්කරන ප්‍රතිශතයට වඩා ඉතා ඉහල මට්ටමක පවතින බව පැහැදිලිවම මෙම දත්ත හරහා අනාවරණය වේ .
ලොව ඉහළම එන්නත්කරන ප්‍රතිශතයක් රඳවාගෙන ඇති රටවල් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉහලින්ම රැඳෙන අතර එරට එන්නට්ජ්කරන ප්‍රතිශතය 99% ක් වේ.
දකුණු ආසියාව සලකා බැලු විට ශ්‍රී ලංකාව , එන්නත්කරන ප්‍රතිශතය අතින් ඉහලින්ම සිටින රට බවට පත්ව ඇති අතර පකිස්තානය , බංග්ලාදේශය ඇතුළු සියලුම දකුණු ආසියානු රටවල් ඇත්තේ ශ්‍රී ලංකාවට පිටුපිසිනි.
ගෝලීය වශයෙන් කොවිඩ් එන්නත් බිලියන 10.06ක් මේ වනවිට ලබාදී ඇති අතර දිනකට එන්නත් මිලියන 24.29ක් බැගින් ලබාදෙමින් ඇත . කෙසේ වෙතත් අඩු ආදායම්ලාභී රටවල්වල ජනතාව අතරින් , එක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්තේ 10% ක ප්‍රමාණයක් පමණි .
මෙලෙස එන්නත්කරන ප්‍රතිශතය අඩු මට්ටමක පවතින අඩු අදායම්ලාභී රටවල් අතර අප්‍රිකානු රටවල් රැසක් ඇති අතර , විශේෂයෙන් සූඩානය , සෝමාලියාව වැනි රටවල්වල එන්නත්කරන ප්‍රතිශතය 10% මට්ටමටත් අඩුවෙන් පැවතීම කනගාටුවට කරුණකි .
කෙසේ වෙතත් , ඊශ්‍රායලය මෙන්ම , මෙම එන්නත් ක්‍රියාවලිය , ඉතා සාර්ථක ලෙස ආරම්භ කල ජර්මනිය , ස්විස්ටර්ලන්තය වැනි රටවල්වල පවා එන්නත්කරන ප්‍රතිශතය මේ වනවිට තරමක් අඩාල වී ඇත . එම රටවල්වල එන්නත්කරන ප්‍රතිශතයන්ද පවතින්නේ ශ්‍රී ලංකාවට වඩා අඩු මට්ටමකය . ඒ අනුව මෙරට එන්නත් ක්‍රියාවලියේ අඛණ්ඩ බව හා ක්‍රමවත් බව මනාව පැහැදිලිවේ.
බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අතින්ද ශ්‍රී ලංකාව මේ වනවිට පවතින්නේ යහපත් මට්ටමකය . මේ වනවිට මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත්විට , 22.9 ක අගයකය . දකූ ආසියාව හා සසඳන විට එය ඉතාමත් සාර්ථක අගයකි . ඉන්දියාවේ මෙම බූස්ටර් මාත්‍රා ලබාදීමේ ප්‍රතිශතය 0.6ක් වන අතර , බංග්ලාදේශයේදී මෙම ප්‍රතිශතය 0.7ක් වේ. එසේම පකිස්තානයේ මෙම ප්‍රතිශතය 1.0 කි . ඒ අනුව බූස්ටර් මාත්‍රාව ලබාදීම අතින් , අසල්වැසි රටවලට වඩා ශ්‍රී ලංකාව ඇත්තේ ඉතාමත් ඉහල මට්ටමකය . බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම කෙරෙහි විශාල අවධානයක් යොමුකර ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා මෙම ප්‍රතිශතය දැවෙන්නේ 25.7% ලෙසය . ඒ අනුව එය මෙරට ප්‍රතිශතයට ඉතා ආසන්නය . සමස්ත ලෝකය සලකා බැලූ විට , මෙම ප්‍රතිශතය පවතින්නේ 12% ආසන්නයේය . ඒ අනුව ලෝක මට්ටමට වඩා ඉතා ඉහල මට්ටමක මෙරට , බූස්ටර් මාත්‍රා ලබාදීමේ ක්‍රියාවලියද පවතින බව පැහැදිලිවේ.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තා අනුව . එන්නත්කරන ක්‍රියාවලිය අතින් , ලොව හොඳම රටවල් අතරට මෙලෙස ශ්‍රී ලංකාවද එක්ව තිබීම අප කාටත් සතුටට කරුණකි . ඇත්තෙන්ම මෙම වාර්තා විශේලේෂණය කර බලන විට ලොව දියුණුම රටවල එන්නත්කරන ක්‍රියාවලිය හා සම මට්ටමේ හෝ ඇතැම් විට ඊට වඩා සාර්ථක මට්ටමක මෙරට වැඩසටහන පවතී . මෙය සුභදායි තොරතුරක් වුවද , අප තවමත් කොරෝනා වසංගතයෙන් , උවදුරෙන් සම්පූර්ණයෙන්ම ගැලවී නොමැත . විශේෂයෙන්ම නව ඔමික්රෝන් ප්‍රභේද හමුවේ ,ආරක්ෂාවීමට නම් බූස්ටර් මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා යුතුමය .අවම වශයෙන් එම ප්‍රතිශතය 50% මට්ටම ඉක්මවා යා යුතු බවට නවතම සෞඛ්‍ය වාර්තා පෙන්වාදී ඇත .
ඔමික්රෝන් ප්‍රභේදයේ මතුවීම සමග දිනවල ලොව පුරා නැවතත් කොරෝනා රැල්ලක් හිස ඔසවා ඇත. මීට ඇති එකම විසදුම ලෙස විශේෂඥයින් පවසන්නේ බූස්ටර් එන්නත ලබාගැනීමයි. ඒ අනුව එම විශේෂඥ මතයන්ට අනුව , මේ කොවිඩ් වසංගතයෙන් මිදීමට අපට ඇති එකම මගද මෙම බූස්ටර් මාත්‍රා ලබාදීමේ වැඩසටහන සාර්ථකව අවසන් කරගැනීමයි . ඒ සඳහා රජයේ හා සෞඛ්‍ය අංශවල කැපවීම තවදුරටත් අවශ්‍යවන අතරම , ජනතාවගේ දායකත්වය හා සහයෝගය අතිශයෙන්ම වැදගත්ය .
(පැතුම් වික්‍රමරත්න)