නවතම පුවත්

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් තරු පංතියේ හෝටලයක සංචාරයක් පසුගියදා නැවත වරක් සංවිධානය කරන ලදී. එහිදී ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තරු පංතියේ හෝටලයක් වන RIU – Ahungalle හෝටලයේ දෙදිනක් නිදහසෙන් සහ විනෝදයෙන් ගත කිරීමට අවස්ථාව ලැබිණි.

මීට පෙරද RIU – Ahungalle හෝටලයේදී මෙම ඇගැයීම සිදු කර ඇති ලෝටස් ටයර් සමාගම අඛණ්ඩව සිදු කරන මෙම දිරි ගැන්වීම් පිළිබඳව ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ගෙන් ඉහළ ප්‍රසාදයක් හිමි විය විය. පසුගිය වසරේදී අලෙවි ඉලක්ක සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කළ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මෙම අගනා අවස්ථාව හිමි විය.

මෙම අවස්ථාවට සැම්සන් රබර් කර්මාන්ත ආයතනයේ කළමනාකාරිත්වය මෙන්ම ලෝටස් ටයර් විකුණුම් සහ අලෙවිකරණ කණ්ඩායම සහභාගි වූහ. “ලෝටස් ටයර් පවුලේ සාමාජිකයන්ගේ එකතු වීමක් වශයෙන් තමයි අපි මෙම අවස්ථාව දකින්නේ. එනිසා මෙම වැඩසටහන අප පවත්වන්නේ ඉලක්ක සම්පූර්ණ කිරීමට එහා යමින් අන්‍යොන්‍ය සබඳතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන්.” ලෝටස් ටයර් ආයතනයේ වෙළෙඳ කළමනාකරු පැවසීය. “නියම මිලට… නියම දුරක්…” යන තේමාව ඔස්සේ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට සමීප වන ලෝටස් ටයර් දශක ගණනාවක සිට කතා බහට ලක් වූ ටයර් සන්නාමයක් වේ.

ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉටු කරමින් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කරන ගුණාත්මකභාවයෙන් ඉහළ ලෝටස් ටයර් නිෂ්පාදන පෙළ බයිසිකල් ටයර් සහ ටියුබ්, මෝටර් සයිකල් ටයර් සහ ටියුබ්, ත්‍රී වීලර් ටයර් සහ ටියුබ් ආදී නිෂ්පාදන පෙළකින් සමන්විතය.

image-11
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රාගල ශාඛාව නව නිවහනකට
image-10
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි !
inflation decrease
උද්ධමනය පහළ ගිහින්
image-9
වසර 16කට පසු කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක්
image-8
පියුමි හිරවෙයි !
image-7
ඉන්දියාව ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විශ්වාසදායි මිතුරෙක් - ජෙයිශංකර්
image-6
ජපානයේ පැතිර යන මාරාන්තික බැක්ටීරියාව ගැන මෙරට සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්!
dollars lkr
මාස ගණනකට පසු ඩොලරය ආයෙත් රු.300 පන්නයි
DSI-1
DSI Tyres ශ්‍රී ලංකාවේ පළමු වරට ‘Online Pick Up From Dealer’ හඳුන්වා දෙයි
Hunger
 සුඩානය ලොව දරුණුතම සාගතයට මුහුණදෙයි !