වඩාත් අන්තරාදායක කොවිඩ් ප්‍රභේද සොයා පර්යේෂණ අද යළි ඇරඹේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල පර්යේෂණයට ලක්කොට වඩාත් අනතරායකාරි කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ පරීක්ෂණ අද (1) සිට ආරම්භ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය සූදානම් වෙයි.

එහි ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ මේ වනවිටත් එවැනි ජෛව පටල සාම්පල 96ක් මේ යටතේ පරීක්ෂණයට ලක් කෙරෙන බවයි.  එම පරීක්ෂණවල ප්‍රතිඵල සතියක් ඇතුළතදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

මීට පෙර  ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වඩාත් අහිතකර කොරෝනා වයිරස ප්‍රභේද සොයා ගැනීමේ පරීක්ෂණ කරන ලදී. ලෝකයේ විවිධ රට වල ව්‍යාප්ත ව ඇති වඩාත් අහිතකර, විකෘති කොවිඩ් වයිරස ප්‍රභේද පහක් සොයා ගැනුණේ මෙවැනි පරීක්ෂණවලදී ය.