නවතම පුවත්

වත්කම් හැංඟූ ලෝක ප්‍රබලයින් අතරට මෙරට හිටපු ඇමතිනියකගේ නමත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රහසිගත වත්කම් – ගනුදෙනු එළියට

පැතුම් වික්‍රමරත්න

ලොවපුරා සිටින රාජ්‍ය නායකයින්, දේශපාලඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාවය සඟවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි අයිසීඅයිජේ යනුවෙන් හඳුන්වනු ලබන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය පියවර ගෙන ඇත .

මිලියන 12කට අධික ලිපි වලින් යුක්ත මෙම හෙළිදරව් කිරිම පැනඩෝරා පත්‍ර යනුවෙන් නම් කර තිබෙන අතර .වර්ථමානයේ බලයේ සිටින හා විශ්‍රාම ගොස් සිටින රාජ්‍ය නායකයින් 35 දෙනෙක්, මහජන නියෝජිතයින් 300 දෙනෙකු විසින් මුදල් විශුද්ධිකරණය සිදුකරමින් අක්වෙරළ සමාගම් හරහා ලබාගත් දේපළ සම්බන්ධයෙන් තොරතුරු මෙමගින් හෙළිදරව් කර ඇත.

මෙලෙස නිකුත් කර ඇති ලේඛණ වලට අනුව මෙරට සිටි අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ ගේ නමද ඇතුලත් වී තිබීම විශේෂත්වයකි .

හිටපු අමාත්‍යවරිය විසින් සිය ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේසන් විසින් විදේශ අක්වෙරළ සමාගම් හරහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගෙන ඇති බවට පැන්ඩෝරා ලේඛණ මගින් කරුණු අනාවරණය කර ගෙන ඇත.

මිට අමතරව ජෝර්දානයේ රජූ විසින් බ්‍රිතාන්‍යයේ සහ බ්‍රිතාන්‍යය තුල පවුම් මිලියන 70ක් දේපල මිලදී ගැනීම් සඳහා යොදාවා ඇති බවට හෙළිකර ගෙන ඇත.

එසේම  රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය අන්ද්‍රේ බේබීස් ඇතුළු රාජ්‍ය නායකයින් රැසකගේ රහස්‍ය දේපල හිමිකාරිත්වයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ ලන්ඩනයේ කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් තුන් ලක්ෂ 12,000 ක් ඉතිරි කළ ආකාරය පිළිබඳවද ආදාළ ලේඛන මගින් හෙළිදරව් කර ඇත.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ කැබිනට් ඇමතිවරු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් සහ ඩොලර් මිලියන ගණනක මුදල් පිළිබඳවත් මෙහි තොරතුරු ඇතුළත් ය.

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකා ශකීරා, ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම් පිළිබඳවත් පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණ කර ඇත

රුසියානු ජනාධිපති පුටින්ට අයත් මොනැකෝ රාජ්‍යයේ පිහිටි රහසිගත දේපළ පිළිබඳ ඉන් අනාවරණය කර තිබුණි.

වසර 07ක කාලයක් තුළ නිකුත් වූ ලිපි ලේඛන පිළිබඳව, විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් මෙම හෙළිදරව් කිරීම් සිදුකර ඇති අතර ඒ සඳහා වාර්තාකරුවන් 650කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය, ගෝලීය මූල්‍යායතන 14කින් ලබාගත් ලිපිලේඛන මිලියන 11.9ක් පදනම් කරගෙන පැන්ඩෝරා පත්‍රිකා සකස් කර තිබේ.

මහා පරිමාණ විමර්ශන සඳහා එම ආයතනයට වොෂින්ටන් පෝස්ට්, ද ගාඩියන් වැනි මාධ්‍ය ආයතනවල සහාය හිමිවූ බව සඳහන් වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්