වත්මන් රජයේ පාලන කාලය තුල , රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය ලබන 28 වන දා ආරම්භ කිරීමට නියමිතව ඇත.
මේ වනවිට කොමිසමට පැමිණිලි 27 ක් ලැබී ඇති අතර ,එම පැමිණිලි සිදුව ඇති අක්‍රමිකාතාවයේ පාඩුව අනු පෙළ ගස්වා විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් thecolomboexpress.com වෙත සඳහන් කළේ ය.
2015 ජනවාරි 14 සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්යයවේ.
ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි මාර්තු මස 7 වැනිදා දක්වා ඉදිරිපත් කළ හැකි වන අතර .ඒ අනුව ලිඛිත පැමිණිලි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකි බව කොමිසම සඳහන් කළේ ය.
011- 2665382 යන දුරකථන අංකයට ඒ පිළිබඳව තොරතුරු වාචිකව ද ඉදිරිපත් කළ හැකි වේ.
පැතුම් වික්‍රමරත්න