වත්මන් කොරෝනා තත්ත්වයත් පාලනය කළ හැකියි – සෞඛ්‍ය බලධාරීන්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටී.

වත්මන් තත්ත්වයද පෙර පැවති ආකාරයේම පොකුරක් වන අතර එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ,ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අනිල් ජාසිංහ මහතා අද මාධ්‍ය වෙත සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවද රැස් වී එයට අදාළ සාකච්ජා පවත්වා ඇති ජාසිංහ මහතා පැවසීය.

කෙසේවෙතත් පවත්නා තත්ත්වය මත තවදුරටත් රෝගීන් හමුවීමේ ඉඩක් පවතින බවද ජාසිංහ මහතා කියාසිටියේය.