ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට අයත් ශ්‍රී ලංකා වතු කම්කරුවන්ගේ අධ්‍යාපන භාරය (CEWET) විසින්, වතු කම්කරු ප්‍රජාවගේ දරුවන් වෙනුවෙන්ම වූ විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර ඇත
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා වතු කම්කරුවන්ගේ දරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇත .. මෙම ශිෂ්‍යත්ව අ.පො.ස උසස් පෙළ, උපාධි පාඨමාලා සහ ශ්‍රී ලංකාවේ පිහිටි රජයේ වෙනත් තාක්ෂණ විද්‍යාලයන්හි වෘත්තීය පුහුණු/ තාක්ෂණික අධ්‍යාපනය හැදෑරීම සඳහා පිරිනමනු ලැබේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ සිසුන්ට (අවම වශයෙන් C සාමාර්ථ 6 ක් සහිතව) හෝ උසස් පෙළ සමත් වයස අවුරුදු 25 ට අඩු අයවලුන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැක. සම්පුර්ණ කරන ලද අයදුම්පත් සමඟ උප්පැන්න සහතිකය, අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල සටහන, දෙමව්පියන්ගේ ආසන්නතම වැටුප් පත්‍රය සහ දෙමාපියන්ගේ රැකියාව පිළිබඳ වතු අධිකාරීගේ සහතිකය යන ලිපි ලේඛනවල ඡායා පිටපත් එවිය යුතුය. අයදුම්පත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ www.hcicolombo.gov.in වෙබ් අඩවියෙන් බාගත හැකිය.
එසේම අයදුම්පත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, 36-38, ගාලු පාර, කොළඹ -03 සහ සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, අංක 31, රජපිහිල්ල මාවත, මහනුවර යන ස්ථානයන්ගෙන් ද ලබා ගත හැකිය.
4.පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් ගරු ලේකම්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, ලංකා වතු කම්කරුවන්ගේ අධ්‍යාපන භාරය, තැපැල් පෙට්ටිය 882, කොළඹ -03 යන ලිපිනයට 2021 අප්‍රේල් 30 හෝ ඊට පෙර ලැබීමට සලස්වන්න.
******