නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ජෛව බුබුල , ජර්මනියේදී ඇගයුමට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි වර්ධනය වෙනුවෙන් හඳුන්වා දෙන ලද “Bio Bubble” හෙවත් ජෛව ආරක්ෂණ බුබුළු නව්‍යකරණ සංකල්පය ජර්මනියේ බර්ලින් නගරයෙහි පැවැත්වෙන International Trade Tourismus-Börse Berlin (ITB) හි දී සුවිශේෂී ඇගයීමකට ලක් විය. ලෝකයේ ඉතා ජනප්‍රිය දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනයක් වන ITB, පසුගිය මාර්තු 9 – 12 දිනයන්හි දී අන්තර්ජාලය ඔස්සේ ලෝකයටම විකාශනය කරන ලද අතර, සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රදර්ශකයින් 3,500කට අධික සංඛ්‍යාවක් විසින් ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කරන ලදී.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් වන්නේ ITB Berlin e-සඟරාවෙහි හා වෙබ් අඩවියෙහි ශ්‍රී ලංකාවෙහි සංචාරක ව්‍යාපාරය ක්‍රියාවට නංවන ලද “bio bubble” නව්‍යකරණ සංකල්පය පිළිබඳ විශේෂ සටහනක් පළකිරීමයි. “අනෙකුත් රටවල් නිරෝධායන කාලසීමාව තුල තම දේශසීමා වසා දමමින් හා සංචාරක ගමනාගමනයන් සීමා කරමින් සිටින අතර, ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස නැවත නැගී සිටිමින් මෙම නව්‍යකරණ සංකල්පය හරහා සංචාරකයින්ට ආරක්ෂිත මෙන්ම සුරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ සිය අත්දැකීම් විඳගැනීමට අවස්ථාව සලසා දීම අතිශයින්ම අගය කළ යුතු තත්ත්වයකි.” යනුවෙන් එහි සඳහන්ව තිබුනි.

ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන අතර ITB Berlin යනු විශාලතම ප්‍රදර්ශන අවස්ථාවක් වන අතර, ලොව පුරා සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරික සමාගම් විශාල ප්‍රමාණයක් ඊට සහභාගී වෙති. සංචාරක මණ්ඩල, සංචාර මෙහෙයුම් සමාගම්, පද්ධති සැපයුම්කරුවන් (system providers), ගුවන් සේවා සමාගම්, මහජන සබඳතා නියෝජිතායතන සහ වෙළෙඳ ප්‍රචාරණ ආයතන ඒ අතරින් ප්‍රධාන වේ. ශ්‍රී ලංකාව මෙවර ITB Berlin සඳහා එහි වෙබ් පෝටලය වන “ITB Berlin NOW 2021” ඔස්සේ සහභාගී වූයේ සංචාරක ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන කිහිපයකම සහභාගීත්වයද සමගිනි.

විදේශීය සංචාරක ආගමනය සඳහා රට නැවත විවෘත කිරීමත් සමග මේ වර්ෂයේ ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා මෙරටට තෙවැනියට වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ජර්මනියෙනි. ශ්‍රී ලංකා සංචරණයෙහි ‘‍ජෛව ආරක්ෂණ බුබුළු’ හෙවත් Bio Bubble නව්‍යකරණ සංකල්පය බර්ලින් නුවර දී විශාල වශයෙන් ඇගයීම් හිමිකරගැනීමත් සමගම ශ්‍රී ලංකාව ආරක්ෂිත හා සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් බවට වන විශ්වාසය මෙරට සංචාරය කරන්නට අපේක්ෂා කරන්නන්ට හා ඔවුන්ට සේවා සපයන සමාගම්වලට ඇතිවී තිබේ. නව සාමාන්‍ය තත්ත්වයක් තුල පුළුල් පරාසයක පැතිරුණු, සැබෑ ශ්‍රී ලාංකික ජීවන රටාවන් අත්විඳිමින් ජීවිතයේ අමතක නොවන සංචාර අත්දැකීමක් විඳගැනීමට ඔවුන්ට හැකියාව තිබෙන බව තහවුරු කරන ‘‍ජෛව ආරක්ෂණ බුබුළු’ වැනි නව්‍ය සංකල්පයන් සංචාරක ක්ෂේත්‍රයෙහි ඉදිරි ගමනට ලබා දෙන දායකත්වය අසීමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා