වැටුප් පරිපාලක සභාව විසින් අනුමත කරන ලද වතු කම්කරු දෛනික වැටුප අද සිට ගෙවීමට වතු සමාගම් පියවර ගෙන ඇත
ඒ අනුව දිනක මුලික වැටුප රු 900 ක් වශයෙන්ද අයවැය දිමනාව වශයෙන් රු 100 ක් ද ඇතුළු රුපියල් දහසක් අද (09) දින ගෙවනු ලැබ ඇති බව වාර්තාවේ ..
වතු කම්කරුවෙකුට මිට ප්‍රථම ලබාදුන් දෛනික වැටුප වූයේ රු 750 කි
රුපියල් දහසක වැටුප් ලබාදිම සම්බන්ධයෙන් වතු කම්කරුවන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ වසර පහක් තිස්සේ මෙම වැටුප වැඩිවීම අපෙක්ෂාවෙන් සිටි බවත්, මෙම වැටුප ලබාදිමට කටයුතු කල රජයට හා වතු වෘත්තිය සමිති වලට ස්තුතිය පුද කරන බවත්ය ..