නවතම පුවත්

වතු සේවක වැටුප් වැඩිවීම අනුමතයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

.

මෙරට තේ සහ රබර් වගාව ආශ්‍රිත පාලිත සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (රු.1000) ඉහල නැංවීමට තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභා තීරණය කර ඇත .

අද (8) රැස් වූ වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභාවලදි මෙම තීරණයට එළඹි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය .

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යංශයේදී කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් වතු වෘත්තිය සමිති සහ වතු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 900 දක්වා වැඩි කිරීමට සහ රුපියල් 100ක දෛනික දීමනාවක් ද ලබාදීමට වැටුප් මණ්ඩලය මෙහිදී  අනුමත කර තිබේ

එහිදී වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු. 565 ක් දක්වා ඉහළ දැමීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර වතු වෘත්තිය සමිති සහ රජය මගින් වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 900 ක් සහ දීමනා වශයෙන් රු 100 ක දීමනාවක් ගෙවිය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා සම්බන්ධයෙන් වැටුප් පරිපාලක සභාවේ පැවති ඡන්දනයෙන් වතු කම්කරුවෙකුට දිනකට රුපියල් 1000ක් ගෙවිය යුතු බවට ගෙනා යෝජනාවට ඡන්ද 11 ක්ද, වතු සමාගම් ගෙනා යෝජනාවට ඡන්ද 8 ක් ලැබුණු බව වාර්තාවේ

වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකුට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවිය යුතු බවට ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වු නිසා එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක වැටුපක් ගෙවිය යුතු වන බව අමාත්‍යවරයා පැවසීය ..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“වසර පහකට ආසන්න කාලයක් දිග්ගැස්සෙමින් කල් දමනු ලැබූ වතු කම්කරුවන්ගේ මෙම රුපියල් දහස දක්වා දෛනික වැටුප වැඩි කිරීමේ ඉල්ලීම ඉටුකරන බවට ජනාධිපතිවරයා  රට හදන සෞභාග්‍යයේ දැක්ම තුළින් ලබාදුන් එකඟතාවය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අයවැයේ දී තහවුරු කිරීමෙන් අනතුරුව අප විසින් දිගින් දිගට වතු සමිති නායකයන් සහ හාම්පුතුන් සමග කරන ලද සාකච්ඡා වලින් පසුව අද දින එම ඉල්ලීම යථාර්ථයක් බවට පත් කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා.වතු කම්කරුවන්ගේ වැටුප් හා වෙනත් කටයුතු පිළිබඳව මීට පෙර ක්‍රියාත්මක වූයේ වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් විසින් අත්සන් තබනු ලැබූ සාමූහික ගිවිසුමට අනුවයි.
ඒ අනුව පසුගිය මාස කිහිපයක් මෙම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සාකච්ඡා වට 12කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා.දෙපාර්ශව ඉදිරිපත් කළ කොන්දේසි වලට දෙපාර්ශවයේම ඇතිවූ පරස්පර විරෝධී තාවයන් නිසා එම සාමූහික ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි වූ නිසා, පඩි පාලක සභාව ස්ථාපිත කොට ඒ අනුව රජයේ නියමයන්ට අනුකූලව දෛනික වැටුප් තලයන් හි වතු කම්කරුවන්ගේ වැටුප් පිහිටුවා අද දින එම වැටුප් තීන්දුව ප්‍රකාශයට පත් කළා ”

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්