වනාතමුල්ලේ නිවසක අල්මාරියකින් දෙකෝටියක මත්කුඩු – කාන්තාවක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

බොරැල්ල වනාතමුල්ල සිරිසර උයන නිවාස සංකීර්ණය ආසන්නයේ දී හෙරොයින් මත්කුඩු ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් පසු එම නිවාස සංකීර්ණයේ ඇයට අදාළ නිවසක් පරීක්ෂා කිරීමේදී අල්මාරියක සඟවා තිබූ මත්කුඩු කිලෝ 1 1/2 කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 32ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව තිබු යතුරු කැරලි වලට අයත් සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ වසා තිබූ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 606 ක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත .

එම නිවස මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු ට අයත් බව ද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර එහි අතුරු කැරලි තිබී ඇත්තේ ඉහත කාන්තාව සතුව ය.

අත්අඩංගුවට ගැනුණු මත් කුඩුවල මිල එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික වන අතර සැකකාරිය සතුව තිබී රුපියල් හය ලක්ෂ දහ දාහක මුදලක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.