ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වෙයි.
ඒ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 776 ක් ලබාගනිමිනි.
ඒ අනුව මෙතෙක් කලත් මෙම ශ්‍රේණිගත කිරීමේ පළසු තැනේ රැදී සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රේස් ශම්සි දෙවැනි ස්ථානයට පත්ව ඇත.
වනිඳු හසරංග මේ දක්වා පන්දුවාර 20 ජාත්‍යන්තර තරඟ 32කදී කඩුලු 50ක් දවාගෙන තිබේ.