නවතම පුවත්

වඳුරු උණ පැතිරීම වළකන්න සමලිංගික පිරිමින්ට එන්නතක්

අසංක

අසංක

රටවල් ගණනාවක මේ වනවිට පැතිර ඇති වඳුරු උණ ‍හෙවත් Monkeypox නමැති රෝගය හඳුනාගැනීමට සහ පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියාකාරක දැනටමත් ඇණවුම් කර ඇති බවත් ඒවා ලබන සතියේ මෙරටට ලැබෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම රෝගය හඳුනාගැනීමට, පරීක්‍ෂා කිරීමට සහ රෝග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවේ අවශ්‍ය සියලුම පහසුකම් පවතින බව ද ඔහු කියාසිටියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ රසායනාගාරයේ Monkeypox රෝගය විනිශ්චය කිරීමට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් පවතින බව හෙතෙම ඔහු කීය.

මේ වනවිට ලොව පුරා වදුරු උණ රෝගය වැලදුනු පුද්ගලයන් 80 දෙනෙකු රටවල් 11කින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Monkeypox රෝගය සාමාන්‍යයෙන් නොමැති රටවල් 11කින් මේ වන විට මෙම රෝගීන් වාර්තා වී තිබීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩි අවධානයට යොමුවී ඇත.

මෙම රටවල් සහ අනෙකුත් රටවල් සමඟ රීක්‍ෂණය පුළුල් කිරීමට සහ මගපෙන්වීම් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කඩිනම් පියවර ගෙන ඇත.

මෙම රෝග ලක්ෂණ පවතින රෝගීන්ගේ පරීක්ෂණ 50 ක් ඉතිරිව ඇති බව තවත් එවැනි රෝගීන් වාර්තා වීමට ඇති ඉඩකඩ වැඩි බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පැවසුවේ මෑත කාලීන සිදුවීම් “ප්‍රධාන වශයෙන් සමලිංගික, ද්වීලිංගික හෝ පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින්ට මෙය ආසාදනය වී ඇති” බවයි. ඊට හේතුවී ඇත්තේ බ්‍රිතානයයෙන් වාර්තා වූ ආසාදිතයන් 9 දෙනාගෙන් 6 දෙනකුම පිරිමි-පිරිමි අතර ලිංගික සබඳතා පැවැත්වූ අය වීමයි.

එක්සත් රාජධානියේ මෙම රෝගය පැතිරීම මැඩපැවැත්වීම සඳහා සමලිංගික පිරිමින්ට වඳුරු උණ මර්දන එන්නතක් ලබාදීමට අපේක්ෂා කරන බව ද වාර්තා වේ. 

එරට වාර්තා පැවසුවේ සමලිංගික සහ ද්වීලිංගික පිරිමින් තුළ අසමානුපාතික ලෙස රෝගය වර්ධනය වුවහොත්  උපායමාර්ගය යෙදවිය හැකි බවයි.

ප්‍රංශය බෙල්ජියම සහ ජර්මනියට අමතරව ඔස්ට්‍රියාව සහ තවත් යුරෝපා රටවල් කිහිපයක ආසාදිතයින් හදුනාගෙන ඇත.

මෙය ඉතා දුර්බල රෝගයක් වන නමුත් මරණීය සංකූලතා ඇති නොවන බව වෛද්‍ය විශේෂඥයන් සදහන් කරයි.

අධික උණ, මස් පිඩු වේදනාව, දද සහ කුෂ්ඨ, සමේ ගෙඩි, බිබිලි ආදිය ඇති වීම රෝග ලක්ෂණ වශයෙන් දැක ගැනීමට ලැබෙන බව ඔවුන් පෙන්වා දේත

ස්පර්ෂය මගින් මෙන්ම දාඩිය සහ කෙල බිඳු මගින් ද වෛරසය පැතිර යා හැකියි.

මේ වනවිට මෙම රෝගය හඳුනාගෙන ඇති රටටවල් පහත පරිදි වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්