නවතම පුවත්

වයඹ පළාතේ පාසල් සහ රාජ්‍ය ආයතන කටයුතු යළි ඇරඹේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සිට වයඹ පළාතේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද (15) දිනයේ යලි ආරම්භ කෙරෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ සියලු රාජ්‍ය ආයතනවල කටයුතු ද සුපුරුදු පරිදි අද සිට යලි ආරම්භ වන බවයි.

පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි තත්වයන් හේතුවෙන් වයඹ පළාත සඳහා දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවා තිබුණා. කෙසේ වෙතත් ඊයේ (14) පස්වරු 04.00 සිට පස්වරු 06.00 දක්වා පැය දෙකක කාලයක් පනවා තිබූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිමට පොලිසිය කටයුතු කළා.

යළි ඊයේ පස්වරු 06.00 සිට වයඹ පළාත සදහා ඇදිරි නීතිය පැනවීමට පොලිසිය කටයුතු කළ අතර එය අද උදෑසන 06.00න් ඉවත් කෙරුණා.

එම නිසා වයඹ පළාත තුළ ජන ජිවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යන ලෙස ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඉල්ලීමක් කරනවා.

මේ අතර දිවයිනේ සියලු පළාත් සඳහා ඊයේ රාත්‍රී 09.00 සිට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද අළුයම 04.00න් අවසන් වුණා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා