(දම්පත් රණසිංහ)
වයස අවුරුදු 60 වැඩි ජනගහනය සියයට 100 ක් එන්නත්කරණය කර ඇතැයි කියැවුණත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දිවයිනපුරා කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ එම වයස් සීමාවේ 70,000 ක පමණ පිරිසක් මෙතෙක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති බවය.
මෙම සමීක්ෂණය කර ඇත්තේ කොවිඩ් කාර්ය සාධක බලකාය රැස්වූ අවස්තාවකදී ජනාධිපතිවරයා විසින් කළ දැනුම් දීමක් අනුවය.
අදාල තොරතුරු ඉදිරි කොවිඩ් රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ස්වදේශිය කටයුතු අමාත්‍යාංශයේ මෙම තොරතුරු සදහන් කළේය.