වරකාපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ගුවන් තොටුපළ සේවකයකු බවද පැවසෙන ඔහු පසුගිය දිනවල ප්‍රදේශයේ පැවැති මංගල, අවමංගල, උත්සව ආදි සියලුම පොදු රැස්වීම් ආදියට සහභාගී වීම නිසා ප්‍රදේශයේ කඩ සාප්පු ආදිය වසා දමා ස්වයං නිරෝධායනයට ලක්වීමට එහි වෙළඳ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
සබරගමුව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසුවේ ඔහු ඉතා සමීපව ඇසුරු කරන පවුල් 5ක් මේ වනවිටත් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කරන බවයි.