නවතම පුවත්

වරදක් කරලත් නැහැ , ඒ නිසා අස්වෙන්නෙත් නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තමන් ඇතුලු අමාත්‍යවරුන් පෙනී සිටි මතය නිවැරදි බැවින් අමාත්‍යධූරවලින් ඉවත්වීමේ සූදානමක් නැතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටී

උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස සිටිමින්, යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට යාම හා එම තීන්දුව විවේචනය කිරීම වැරදි බවට ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය වාර්තා කර තිබිණ .

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය  කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කළ ද ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැබවින්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණේ නැති බවත්, ඒ පිළිබඳ සාකච්ඡාව සිදුනොවුන බවත්, විදිමත්ව අනුමත කිරීමක් සිදුනොවුන බවත් පරම සත්‍යයක්. ඒ සත්‍යය රටටත් උසාවියටත් කියන්න අපි තීරණය කළා. අපි ඒ කළ දේ රට රැකගැනීම වෙනුවෙන් කළ දෙයක්, හෘද සාක්ෂියට එකඟව කළ දෙයක්. අපි විශ්වාස කරන්නේ නෑ අපි වරදක් කළා කියලා. අපි වරදක් කරලා නැතිනම් අපි අස්විය යුතු නෑ. අපි අස්වෙනවා කියන්නේ, අපි වරදක් කළාය කියලා අපි පිළිගත්තා වීමයි. අපි ගත්ත තීරණය වැරදි කියලා ජනාධිපතිතුමා හිතනවා නම් එතුමාට ඕනෑම මොහොතක අපිව අස්කරන්න පුළුවන්. ඒ බව දනිමි. ඒ අවදානම ගනිමින් රටටත් උසාවියටත් ඇත්ත කියන්න අපි තීරණය කළා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමන් ගාමිණී දිසානායක ඇතුළු අන් අය නඩු තීන්දුවේ දී ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩලයේ දී අමාත්‍යවරුන්ට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් නොලැබුණොත් අමාත්‍යවරුන්ට ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් පිටත දී අදහස් දැක්වීමට අයිතියක් තිබෙනවා කියලා. අපි මේ අවස්ථාවේදී භාවිත කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සඳහන් කළ දේ ශුද්ධ වු අයිතියයි.”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්