නවතම පුවත්

වරායේ සිරවූ ආහාර තොග නිදහස්කර ගැනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් බහාලුම් මුදාහැරීම පහසු කිරීම සඳහා මහ බැංකුව විසින් රාජ්‍ය බැංකු දෙකකට අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් නිකුත් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි

අවශ්‍ය නම් ඒ සඳහා තවත් මුදල් නිකුත් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය  වෙත කියා සිටියේය .

පවතින  ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් 800 ක් පමණ නිදහස් කර ගත නොහැකිව කොළඹ වරායේ රඳවා තිබින .

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රජය තීරණය කළේ මහ බැංකුව හරහා ඊට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාදීමටය.

ඒ අනුව කොළඹ වරායේ සිරවී තිබූ බහාලුම්වලින් කොටසක් මේ වන විට නිදහස් කර ඇති බවට වාර්තා වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්