නවතම පුවත්

වසංගතය පාලනය කිරීම සඳහා වන ගෝලීය එන්නත් සැලැස්මට WHO ආධාර ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය සහ ස්වීඩනය ඇ.ඩො.බිලියන 1කට ආසන්න අරමුදල් පොරොන්දු වූ පරිදි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නැවතත් නව කොරෝනා වෛරස වසංගතය පාලනය කිරීම සඳහා වන ගෝලීය එන්නත් සැලැස්මක් සඳහා තවදුරටත් ලෝක ප්‍රාජාවගෙන් ආධාර ඉල්ලා සිටියි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අවධාරණය කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ්-19 එන්නත් සහ ප්‍රතිකාර සඳහා ප්‍රවේශය ලබාගැනීම සඳහා මෙම ආධාර අවශ්‍ය බවයි.

කොවිඩ්-19 මෙවලම් ඇක්සලරේටරය (ACT) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ GAVI එන්නත් සන්ධානය විසින් මෙහෙයවනු ලබන COVAX පහසුකම සඳහා මේ වනවිට ඇ.ඩො.බිලියන 3ක් ලැබී ඇති නමුත්, ඒ සඳහා තවත් ඇ.ඩො.බිලියන 35ක් අවශ්‍යව තිබේ. එයින්ද ඇ.ඩො.බිලියන 15ක් මෙම වසර අවසානයට පෙර අවශ්‍ය බව කියයි.

2021 අවසන් වනවිට එන්නත් මාත්‍රාවන් බිලියන 2ක්, ප්‍රතිකාරයන් මිලියන 245ක් සහ පරීක්ෂණ මිලියන 500ක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

රටවල් 168ක් පමණ දැන් එහි COVAX සඳහා අත්සන් තබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්