වසන්ත සේනානායක එජාපයෙන් දොට්ට – ඇමතිකමත් අහිමි වෙයි

Picture of අසංක

අසංක

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා තිබේ.

ඔහු දරන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඔහු ඉවත් කිරීමට පක්ෂය තීරණය කර ඇත.

වසන්ත සේනානායක මහතා පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට නම් තමාට පිළිතුරු ලබාදෙන ලෙස දන්වමින් ප්‍රශ්න 4ක් පිළිබඳ ලිපියක් මගින් දන්වා තිබුණි.

ඊට තමාට සෑහීමකට පත්වන පිළිතුරු නොලද හොත් සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය නොදෙන ලෙසත්, පක්ෂයෙන් ඉවත් වී හෝ තාවකාලිකව දේශපාලනයෙන් ඉවත් වන බවට එහි දන්වා තිබුණි.

ඔහු විමසා තිබුණේ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවකදී අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ද, රවි කරුණානයක, රිෂාද් බදියුදීන් යන අයට එම ආණ්ඩුවේ දී ද කැබිනට් තනතුරු දෙන්නේ ද, සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ රවුෆ් හකීම්ට වැඩි වගකීමක් දෙන්නේ ද යන කරුණු ය.