නවතම පුවත්

වසරේ මුල් මාස හය තුල, ළමා අපයෝජන පැමිණිලි 5000ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම වසරේ ගත වූ මාස හය තුළ ළමා අපයෝජන සිද්ධින්වලට අදාළ පැමිණිලි 5,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමාරක්‍ෂක අධිකාරිය අනාවරණය කර සිටී .

ඉකුත් වසරේදී ළමා අපයෝජන සිද්ධීන්ට අදාළ පැමිණිලි 8,000 ක් ලැබී තිබුණු අතර , මෙම වසරේ ගත වූ මාස 6 තුළ එවැනි පැමිණිලි 5,423 ක් වාර්තාවී ඇති බවද ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා අප වෙබ් අඩවියට පැවසීය .

මෙම තත්වය බරපතල බවත් ඒ අනුව මෙය පාලනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය .

වර්තමානයේ සමාජයෙන් වාර්තා වන මෙවැනි සිදුවීම් පිළිබද අවධානය යොමු කරමින් මෙම කාලසීමාවේදී මව්පියන් දරුවන් පිළිබද පෙරට වඩා සැලකිලිමත් විය යුතු බවද  ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපතිවරයා පැවසීය .

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා සිදුවන ළමා අපයෝජනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල යුතුව ඇති බවද ඒ මහතා පැවසීය .

මෙවැනි අපයෝජනයන් පිලිබඳ කිසියම් හෝ තොරතුරක් ලැබුනහොත් වහා 1929 අංකයට දැනුම් දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්